සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්  පොලිසියෙන් ඇසූ ප්‍රශ්නය… ආණ්ඩුවට සහ විපක්ෂයට නීති දෙකක් ද?

by editor
පෙබරවාරි 2, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මාතර – උදය

“පොලිසිය ඉන්නේ දේශපාලනය කරන්න නොවෙයි… නීතිය ක්‍රියාත්මක කරන්න…    පැමිණිල්ලේ පලවෙනි  සාක්ෂිකාරිය ගේ ගර්භනී තත්වය  සලකා නොබලන්න    විත්තිකරුවන්ට  වන්දි ගෙවීමට නියම කරනවා…“ විරෝධතාකරුවන් 13ක් නිදොස්කොට නිදහස් කරමින් මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්  ඉසුරු නෙත්තිකුමාර පොලිසියට කියයි.

පොලිසියට නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වුවත් දේශපාලනය කිරීමට හැකියාවක් නොමැති බවත් එමෙන්ම  ආණ්ඩුවට එක නීතියක් සහ විපක්ෂයට එක නීතියක් ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් ජනතාවට හිංසා කිරීමට පොලිසියට හැකියාවක් නොමැති බවත්  මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා  අද ( 02) දින පැවති නඩු විභාගයක තීන්දුව ලබාදෙමින් ලබා දෙමින් පැවසීය.

පසුගිය වසරේ ජූලි 8 වන දින ජනතා විමුක්ති පෙරමුණ විසින් අකුරැස්ස නගරයේදී පැවැත්වූ   විරෝධතාවයේදී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා දෙකකට  විරෝධතාකරුවන් දහතුන් දෙනෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔවුන් ඇප මත නිදහස් කළේය .

ඉන් අනතුරු අවස්ථා දෙකකදී නඩු විභාග වූ අතර  අද 02 දින නැවත එම නඩු විභාගය සැලකිල්ලට ගත් අවස්ථාවේදී භාෂණයේ නිදහස මූලික අයිතිවාසිකමක් බව පිළිගත් අතර   අපරාධමය වරදක් ලෙස පෙන්වීමට බලවත් සාක්ෂි තිබිය යුතු බවත් එවැනි සාක්ෂි කිසිවක් මෙම නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කර නොමැති බව පවසමින් විත්තිකරුවන්ට  දහ තුන්දෙනාම නිදොස් කර  නිදහස් කළේය .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කොතලාවල පනතට විරෝධය පළ කිරීම  දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම ජීවන බර ඉහළ දැමීම පොහොර සහනාධාරය  ලබා නොදීම යන කරුණු හේතුවෙන්  ජනතා විමුක්ති පෙරමුණ  2021 ජූලි මස 8 වන දින කුරැස්ස නගරයේදී මෙම විරෝධතාවය  පවත්වනු ලැබුවේය.  එදින අකුරැස්ස පොලිසිය මගින් විරෝධතාකරුවන් දහතුන් දෙනෙකු නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම යටතේ අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කළේය .

විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජයන්ත පතිරණ   අදහස් දක්වමින් මෙසේ පැවසීය .

අකුරැස්ස ජනතා විමුක්ති පෙරමුණ විසින් පවත්වපු උද්ඝෝෂණයේ දී නිරෝධාය නීති උල්ලංඝනය කළ බවට  නඩුවක් පවරලා තිබුණා . චෝදනා දෙකක් යටතේ . එහි දී ගරු අධිකරණය අද දින   තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුවන් සියලු දෙනා නිදහස් කලා. එම නියෝගයට හේතු වශයෙන් පෙන්වා දුන්නේ    විත්තිකරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කළ  මූලික අයිතියක්වන  අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට  සීමාවක් ඒ වන විට පනවා නොතිබීම. එ

වැනි අවස්ථාවක මුල් අයිතිවාසිකමක් ලෙස පිළිගත්ත අදහස් ප්‍රකාශ කිරීමේ නීතිය යටතේ අපරාධමය වරදක්  තහවුරු කරන්න නම් බලවත් සාක්ෂි තිබිය යුතු බවත් එවැනි සාක්ෂි කිසිවක් මෙම අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවත් ප්‍රකාශ කරමින්  නියෝගය ප්‍රකාශ කිරීමෙන් පසු  මහේස්ත්‍රාත්තුමා අධිකරණයේ අමත මින් ප්‍රකාශ කළා.

පොලිසියට නීතිය ක්‍රියාත්මක කළ හැකි වුවත්  දේශපාලනය කිරීමට හැකියාවක් නොමැති බවත් ඒ වගේම ආණ්ඩුවට එක නීතියකුත් විපක්ෂයට තවත් නීතියකුත් ලෙස දෙයාකාරයකින්  නීතිය   යාත්මක කළ නොහැකි බවත්  මෙම පැමිණිල්ලේ පලවෙනි  සාක්ෂිකාරිය ගේ ගර්භනී තත්වය සලකා බලා එය නොතිබෙන්නට විත්තිකරුවන්ට  වන්දි ගෙවීමට නියම කළ යුතු නඩුකරයක් බවත්  ජනතාවට මේ වගේ හිංසා නොකළ යුතු බවටත්  මහෙස්ත්‍රාත්තුමා විවෘත අධිකරණයේ දී කියා සිටියා . “

“විශේෂයෙන්ම මේ අධිකරණ කලාපය තුළ  ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන පරිදි  හැසිරෙන්නට පොලිසියට අවස්ථාවක් නැති බව ප්‍රකාශ කරමින් සියලු දෙනා අද නිදොස් කොට නිදහස් කළා.“

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රාගම වෛද්‍ය සිසුන්ට පහරදීමට පැමිණි ආණ්ඩුවේ වාහනය අත්අඩංගුවට

Next Post

මාන්නාරම් දූපත්වල ඛණිජ වැලි හෑරීම මාර්තුවේ සිට… ඔස්ට්‍රේලියානු සමාගමක් වැඩ අරඹයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.