බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 මහාචාර්ය තිස්ස විතාරණ දිවි සැරිය නිම කරයි… විද්වතෙකු සහ දේශපාලන මාර්ගෝපදේශකයෙකුගේ සමුගැනීම!

by editor
පෙබරවාරි 13, 2026
in පුවත්
Thissa Witharana
Share on FacebookShare on Twitter

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම වෛද්‍ය විද්‍යා පර්යේෂණ ක්ෂේත්‍රයේ ද නොමැකෙන සලකුණක් තැබූ ප්‍රාඥයෙකු වූ මහාචාර්ය තිස්ස විතාරණ   අද (පෙබරවාරි 13) උදෑසන අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි එතුමෝ  අභාවප්‍රාප්ත වන විට කෝට්ටේ ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ රැඳී සිටිහ යි   වාර්තා වේ.

1934 අගෝස්තු 30 වන දින නුවරඑළියේදී උපත ලැබූ උපාලි තිස්ස විතාරණ   ප්‍රකට වාමාංශික දේශපාලනඥයෙකු වූ ආචාර්ය එන්. එම්. පෙරේරාගේ බෑණනුවන්ය. එන්. එම්. පෙරේරා ගේ සහෝදරියක වූ එන්. පී. මැගී පෙරේරා සහ රජයේ ඉංජිනේරුවෙකු වූ පීරිස් විතාරණ දෙපළගේ පුත්‍රයා තිස්ස විතාරණය. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ  තිස්ස විතාරණයෝ එකල  දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූහ. ඔහු එම පාසල් දෙකේම  පාසල් ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කළේය.

1959 වසරේදී කොළඹ ලංකා විශ්වවිද්‍යාලයෙන් MBBS වෛද්‍ය උපාධිය ලබාගත් ඔහු, විශ්වවිද්‍යාල ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරමින් ‘සාරා කුසලාන’ තරඟාවලියට සහභාගී වූ  ක්‍රීඩකයෙක් වූයේය.

විද්‍යා හා පර්යේෂණ ක්ෂේත්‍රයේ මෙහෙවර

වෛද්‍යවරයෙකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹූ ඔහු, පසුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් වෛරස් විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් (Ph.D.) ලබාගනිමින් මෙරට සිටි ප්‍රමුඛතම වෛරස් විද්‍යාඥයෙකු බවට පත් විය.

වෛද්‍ය පර්යේෂණ ආයතනය (MRI) : වසර 20කට අධික කාලයක් වෛරස් විද්‍යා අංශ ප්‍රධානියා ලෙසත්, 1983-1994 කාලයේ එහි අධ්‍යක්ෂවරයා ලෙසත් සේවය කරමින් මෙරට වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට ඔහු කටයුතු කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

බ්‍රිතාන්‍යය සහ ඕස්ට්‍රේලියාව යන රටවල උපදේශක වෛරස් විද්‍යාඥයෙකු ලෙස සේවය කළ ඔහු, විශ්‍රාම ගැනීමෙන් පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය.  ඔහුගේ මෙම සුවිශේෂී විද්‍යාත්මක දායකත්වය අගයමින් 2017 වසරේදී ශ්‍රී ලංකා රජය විසින් ඔහුට ‘විද්‍යා ජෝති’ ගෞරව නාමය පිරිනමන ලදී.

දේශපාලන ජීවිතය

1974 වසරේදී ලංකා සමසමාජ පක්ෂයට සම්බන්ධ වූ  තිස්ස විතාරණයෝ  මිය යන විටත් එම පක්ෂයේ  නායකයා ලෙස කටයුතු කළහ. මෙරට වාමාංශික ව්‍යාපාරයේ මෙන්ම ජාතික දේශපාලනයේ ද ඔහු සුවිශේෂී භූමිකාවක් ඉටු කළේය.

2004 වසරේ සිට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

විද්‍යා හා තාක්ෂණ අමාත්‍යවරයා ලෙසත්, පසුව තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යවරයා ලෙසත් සේවය කරමින් මෙරට තාක්ෂණික ක්ෂේත්‍රයේ නවෝත්පාදන සඳහා පදනම දැමීය.

ජනවාර්ගික ගැටලුවට දේශපාලන විසඳුමක් සෙවීම සඳහා පත් කළ සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපතිවරයා ලෙස ඔහු ඉටුකළ මෙහෙවර දේශපාලන ඉතිහාසයේ ඉතා වැදගත් වේ.

2019 සිට 2020 දක්වා උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ද ඔහු කටයුතු කළේය.

ශ්‍රී ලංකාවේ වෛද්‍ය පර්යේෂණ ක්ෂේත්‍රයට විද්‍යාත්මක දැනුමෙන් ද, දේශපාලන ක්ෂේත්‍රයට මානවවාදී සහ වාමාංශික දැක්මෙන් ද මහාචාර්ය තිස්ස විතාරණ මහතා ඉටුකළ මෙහෙවර සදා අනුස්මරණීය වේ. ඔහුට නිර්වාණ සුවය ප්‍රාර්ථනා කරමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංග්ලාදේශයේ නව දේශපාලන යුගයක උදාව: තාරික් රහ්මාන් යටතේ BNP පක්ෂයට විශිෂ්ඨ ජයග්‍රහණයක්!

Next Post

මාදැල් ගැටලුවට විසඳුම් සෙවීමට ජනපතිගේ මැදිහත් වීම සාර්ථක වේවි ද?!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.