ඉඳුනිල් කහටපිටිය –
මහනුවර මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයෙකුට එරෙහිව මහනුවර පළාත් බඳ මහාධිකරණ විනිසුරු දර්ශිකා විමලසිරි විසින් ඊයේ (09) මරණීය දණ්ඩනය නියම කළාය.
මෙසේ මරණීය දණ්ඩනය නියම වූයේ ගල්පිහිල්ල අම්පිටිය ප්‍රදේශයේ පදිංචි ආර්.එම්.ඒ.පි. විජය කුමාර යටවර නැමැති අයෙකුටය.
වර්ෂ 2021 මැයි මස 05 වැනි දින වෑන් රථයකින් මත්කුඩු ග්‍රෑම් 400ක් ප්‍රවාහනය කරමින් සිටිය දී මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් මහනුවර යටිනුවර වීදියේ දී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි. අත් අඩංගුවට පස්වන අවස්ථාවේ ඔහු මුල් පදිංචිය අත්හැර කෙහෙල්වල ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන ජීවත්ව සිට ඇත.
.
එම අවස්ථාවේ ඔහු සන්තකයේ තිබූ හෙරෝයින් මත්කුඩු ග්රෑම් 400 ක ප්‍රමාණය රස පරීක්ෂක වෙත යොමුකර ලබාගත් වාර්තාවට අනුව එහි ශුද්ධ හෙරෝයින් ග්‍රෑම් 236 ක් තිබූ පොලීසිය පවසයි.







