අසේල කුරුළුවංශ
මහනුවර නගර සීමාවේ අනවසරයෙන් ඉදිකළ ගොඩනැගිලි 10 ක් ඉවත් කිරීම සඳහා ලබාදී තිබුණු අධිකරණ නියෝගයකට අනුව වහාම එම ගොඩනැගිලි කඩා ඉවත්කර ගන්නා ලෙස දැනුම් දෙමින් ඒවාහි හිමිකරුවන්ට ලිඛිතව දැනුම් දුන් බව මහනුවර නාගරික කොමසාරිස් ඉන්දිකා අබේසිංහ පවසයි.
අනවසරයෙන් ඉදිකළ නිවාස හා ව්යාපාරික ස්ථාන 10 ක් සම්බන්ධයෙන් මහනුවර මහ නගර සභාව නඩු පවරා තිබූ බවත් එම තීන්දු ප්රකාරව මෙම දැනුම් දීම කළ බවත් ඇය පැවසුවාය.
මහනුවර මහ නගර සභාවේ පදික වෙළෙඳුන් හා අනවසර ඉදිකිරීමේ ඉවත් කිරීම සම්බන්ධයෙන් පැන නැගී තිබෙන ගැටලු පිළිබඳව විමසූ අවස්ථාවේ නාගරික කොමසාරිස්වරිය මේ බව ප්රකාශ කළාය.
අදාළ අධිකරණ තීන්දු 2022 වසරේ සිට ලබාගෙන තිබූ නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් ක්රියාමාර්ගයක් නොගත් බවත් ගොඩනැගිලි හිමිකරුවන් අතරින් තිදෙනෙකු අනවසර ඉදිකිරීමේ ඉවත් කර ගැනීමට කැමැත්ත පළකර තිබෙන බවත් ඇයෙ පැවසුවාය.







