පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බූස්ටර් එන්නත ලබාගැනීමෙන් පසුව මිය යාමේ සිද්දීය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරික්ෂණ ආරම්භ කර ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සදහන් කරයි.
මෙම පුද්ගලයා මිය ගොස් ඇත්‌තේ බූස්ටර් එන්නත ලබා දීමෙන් අනතුරුවද එසේ නොමැති නම් එන්නත ලබා දීමට පෙරද, මරණයට බූස්ටර් එන්නතේ යම් සම්බන්ධතාවක් පවතින්නේද යන්න පිලිබදව මේ වන විට පරික්ෂණ ආරම්බ කර ඇතැයි හෙතෙම පැවසීය.
කෙසේ නමුත් මේ පිලිබද වෛද්‍ය විද්‍යාත්මක පිලිතුරක් ලැබෙන තෙක් ඒ පිලිබදව කිසිදු පිලිතුරක් ලබා දිය නොහැකි යැයිද විශේෂඥවරයා අවධාරණය කළේය.







