කීර්ති ප්‍රනාන්දු –
පොදුජන පෙරමුණේ බලකණුවක් බව කී කටාන ප්‍රාදේශීය සභාවේ 2022 අයවැය යෝජනාවලිය වැඩි ඡන්ද 8 කින් පරාජය වී ඇත.
අද 15 දින ප්‍රාදේශීය සභාවේ මෙම අයවැය ඡන්ද විමසීම ප්‍රාදේශීය සභාවේ සභාපති නන්ද විජේරත්න සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ
කටාන ප්‍රාදේශීය සභාවේ බහුතර බලය පොදු ජන පෙරමුණට තිබියදීත් මෙසේ අයවැය පරාජය වීම පොදුජන පෙරමුණ ප්‍රාදේශීය සභා පාලනයට දැවැන්ත පහරක් බව මේ වනවිට දැඩි කතාබහට ලක් වී ඇත.
අද පැවති අයවැය ඡන්ද විමසීමේදී කටාන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ මන්ත්‍රීවරුන් දහ නව දෙනා අතරින් මන්ත්‍රීවරුන් පහළොස් දෙනෙකු අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීම කැපී පෙනෙන සිදුවීමක් විය.
ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනාත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරයෙක් සහ ස්වාධීන මන්ත්‍රීවරයෙක් මෙහිදී අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.
මෙහිදී අයවැයට පක්ෂව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හත්දෙනෙක්, පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 4 දෙනෙක්, එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙක් සහ ස්වාධීන මන්ත්‍රීවරයෙකු අයවැයට පක්ෂව ඡන්දය ලබා දී තිබිණ.
ඒ අනුව කටාන ප්‍රාදේශීය සභාවේ 2022 අයවැය යෝජනාවලියට විරුද්ධව ඡන්ද 25 ක් ලැබුණු අතර පක්ෂව ලැබුණේ ඡන්ද දාහතක් පමණි.
අද පැවති මෙම ඡන්ද විමසීමේ දී කටාන ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂය ක මන්ත්‍රීවරුන් වැඩිම පිරිසක් අයවැය යෝජනාවලියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළ ප්‍රථම අවස්ථාව බවට ප්‍රාදේශීය සභා වාර්තා පොතට එක් වේ.







