-
බීමත් ASP ගේ පොලිසි රිය ගැටී ඇත්තේ රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ සිය පවුල සමග ගමන් කරමින් සිටි මුදල් අමාත්‍යාංශයට අයත් රථයේ…
බීමතින් රිය පදවා සිය නිල රථය අනතුරකට ලක් කළ පුත්තලම II සහකාර පොලිස් අධිකාරීවරයා අත් අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය වාර්තා කරයි.
සිවිල් ඇඳුමින් සැරසී බීමතින් රිය ධාවනය කළ සහකාර පොලිස් අධිකාරීවරයාගේ නිල රථය අනතුරකට ලක් වී ඇත්තේ මුදල් අමාත්‍යාංශයට අයත් ජීප් රථයක පවුලේ අයත් සමග ගමන් කරමින් සිටි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහගේ රථයේ ගැටීමෙනි.
අනතුර සිදුවී ඇත්තේ රාජ්‍ය අමාත්‍යවරයා ගමන් කළ රථය පොලිස් කාර් රථය ඉස්සර කිරීමට යෑමේ දී ය.
රාජ්‍ය වාහන දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරක් හේතුවෙන් බරපතල කොට සලකා රියදුරන් දෙදෙනාගේම බීමත්කම පරීක්ෂා කරද්දී සිවිල් ඇඳුමින් පොලිස් දෙපාර්තමේන්තුවට අයත් කාර් රථය ධාවනය කරමින් සිටි සහකාර පොලිස් අධිකාරීවරයා බීමතින් සිට ඇති බව හෙළි වී ඇත.
පොලිස් කාර් රථයට සුළු අලාභානි සිදුවී ඇත.







