බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජිත් කියන අනුර – රනිල් ඩීල් එක ගැන චෝදනාවට අනුර කන පැලෙන උත්තරයක් දෙයි!

by editor
සැප්තැම්බර් 15, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සජිත් ප්‍රේමදාස සිය දේශපාලන වේදිකාවේ ප්‍රධාන ප්‍රකාශනයක් ලෙස සිදුකරන රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක සම්බන්ධව පවතින බව කියන දේශපාලන ඩීල් එක සම්බන්ධ කතාවට ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක ඊයේ (15) දීර්ඝ මෙන්ම පැහැදිලි පිළිතුරක් ලබා දුන්නේය.

ඒ ඊයේ (14) සිරස රූපවාහිනිය විසින් සංවිධානය කළ බලය වැඩසටහනට එක් වෙමිනි.

අනුර කුමාර දිසානායක එහිදී මෙසේ පැවසුවේය.

සජිත්ගේ වේදිකාවෙ කියනවා අනුර රනිල් ඩීල් එකක් ගැන. ඩීල් එකක් කියන්නේ දෙපැත්තට ලැබෙන්න ඕන. මම රනිල්ට යමක් දෙන්න දෙනවා. රනිල් මට යමක් දෙන්න ඕන. ඩීල් කියන්නේ මම විතරක් දෙනවා. එයා මුකුත් දෙන්නේ නෑ. එහෙම බෑ නේ.

මම කියනවා මම පෞද්ගලිකව හෝ අපේ දේශපාලන පක්ෂය හෝ රනිල්ගෙන් ගත්තු යමක් තියනවා නම් කියන්න.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මම කියන්නම් යමක් තියන තැන්. රනිල් වික්‍රමසිංහ බාර් පර්මිට් දුන්නා. සජබෙ මන්ත්‍රීවරු බාර් පර්මිට් ගත්තා. පුලුවන් නම් නෑ කියන්න. අන්න ඩීල්. මම ගාව තියනවා ලියුම්. ඒවා නෑ කියන්නේ නෑ තවම. ඇහුනෙ නෑ වගේ ඉන්නවා.

තව ඩීල් එකක් මම කියන්නම්. හන්තාන වත්තෙන් අක්කර 12යි රූට් ගණනාවක් කබීර් හසීම්ට දෙන්න කියලා රනිල් වික්‍රමසිංහ ලියුමකින් ලියලා දුන්නා. ලියුම මම ගාව තියනවා. ඊට පස්සේ කබීර් ජනාධිපති ලඟට ආවෙ නෑ. ආවෙ නැතිවුනාම දැන් ලියුමක් යවනවා කැන්සල් කරන්න කියලා. ඩීල් නෙවෙයි ද ඒවා. මම එන්නම්. මට ඉඩම දෙන්න… අන්න ඩීල්.

රනිල් වික්‍රමසිංහ උගන්ඩා යනකොට කිංස් නෙල්සන් අරන් ගියා. ඇමරිකාවෙ යනකොට මන්ත්‍රීවරයෙක් අරන් ගියා. ඩුබායි යනකොට මාන්නප්පේරුම අරන් ගියා. ආණ්ඩුවේ සල්ලි වලින්. අන්න ඩීල්.

අපි විපක්ෂ මන්ත්‍රීවරු. අපි කාටවත් දුන්නේ නෑ විමධ්‍යගත සල්ලි. සජබ විතරක් තෝරගත්ත මන්ත්‍රීවරුන්ට කොටි 110ක් දුන්නා. ආණ්ඩුවෙ සල්ලි. අන්න ඩීල්.

මේ රටට සියලුම ආනයනික වාහන නවත්වලා. ස්කූටි බයිසිකලයක් ගේන්න දෙන්නේ නෑ. හැබැයි මරික්කාර් රනිල් වික්‍රමසිංහ හම්බවෙලා කාර් පර්මිට් ඉල්ලනවා. අන්න ඩීල්.

අපි දේශපාලනයෙදි මුණ ගැහැලා තියනවා. කතා බහ කරලා තියනවා. මම රනිල් වික්‍රමසිංහ එක්ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හදන කමිටුවෙ ඉඳලා තියනවා. ඒ පුද්ගලිකව යමක් ගන්න නෙමෙයි.

මම රනිල් වික්‍රමසිංහත් එක්ක 19 සාකච්ඡා කරන සාකච්ඡාවෙ ඉඳලා තියනවා. පෞද්ගලිකව යමක් ගන්න නෙමෙයි.

ඒ නිසා මම කියන්නේ අපි ඩීල් දේශපාලනයෙ නම් අපි මොනවද ඩීල්වලින් අරන් තියෙන්නේ. අපට තියෙන්නේ සමාජ වගකීමක්. ඒ ඒ වෙලාවෙදි ඒ ඒ නායකයන් එක්ක අපි කතා කරලා තියනවා. යෝජනා ඉදිරිපත් කරලා තියනවා. සාකච්ඡා කරලා තියනවා. අදටත් වලංගුයි ඒක. ඒ කිසිවක් මට හෝ මගේ පක්ෂයේ පුද්ගලික උවමනාවක් ලෙස නොවෙයි. පොදු රට සහ රටේ යහපත වෙනුවෙන් අපි යමක් කතා කරලා තියනවා.

අවසාන වශයෙන් මේ රටේ පුරවැසියන්ට කියන්නේ මේක හුදු ආණ්ඩුවක් වෙනුවට ආණ්ඩුවක් මාරවීමක් නොවෙයි. හුදු පුද්ගලයෙක් විදිහට පුද්ගලයෙක් මාරු වීමක් නොවෙයි මේ සිද්ධ වෙන්නෙ. අපේ සමස්ථ සමාජ දේහයේම ආර්ථික දේහයේම, දේශපාලන දේහයේම අලුත් පරිවර්තනයකට යොමු කිරීමක් මේ සිද්ධ වෙන්න යන්නේ.

මේක කාලාන්තරයක් බලා සිටි අවස්ථාවක්. මේක අත්පත් කරගනිමු.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බීමතින් සිය නිල රථය පදවා අනතුරක් කළ පුත්තලම II සහකාර පොලිස් අධිකාරී රිමාන්ඩ්!

Next Post

තිලීපන් ගුණ සමරු උළෙල අධිකරණ නියෝගයකින් තහනම් කරයි!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.