මුදල් ඇමති බැසිල් රාජපක්ෂට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට විමල් වීරවංශ උදය ගම්මන්පිල ඇතුළු පක්ෂ 10ක් තීරණය කර ඇත.
මේ සම්බන්ධව මූලික සාකච්ඡාවක් පසුගිය දා පක්ෂ 11 නියෝජිත හමුවේ දී පැවැත්වූ බව එම පක්ෂ හමුවට සහභාගී වූ දේශපාලන පක්ෂ ප්රධානියෙක් ලංකාසරට පැවසුවේය.
මෙම විශ්වාසභංගය ගෙන එන්නේ බැසිල්ටද, නොමැතිනම් ආණ්ඩුවටද යන්න ඉදිරි දින කීපය තුළ ස්ථිර වශයෙන්ම තීරණයක් ගන්නා බව ඔහු කීවේය.
බැසිල්ට එරෙහිව විශ්වාසභංගය ගෙනඒම පිළිබඳව සාකච්ඡා කළත් ඒ සම්බන්ධව ශ්රී ලංකා නිදහස් පක්ෂය ඍජු තීරණයක නොමැතිකම නිසා එය මෙතෙක් ප්රමාද වූ බව හෙතෙම සඳහන් කරයි.
මෙම විශ්වාසභංගයට විපක්ෂයේ සියලුම පක්ෂ සහ ආණ්ඩුවේ පිරිසක කැමැත්ත පල වී ඇති බව කී ඔහු මේ සියලු පාර්ශව සමග සාකච්ඡා කර විශ්වාසභංගය බැසිල්ට එරෙහිව ගෙන එනවාද, නැතහොත් ආණ්ඩුවට එරෙහිව ගෙන එනවාදැයි තීරණය කරන බව පැවසීය.
මේ සම්බන්ධව නීති අංශ සමග සාකච්ඡා කරමින් සිටින බව කී ඔහු ලබන වර්ෂ සඳහා ඉදිරිපත්ව ඇති අයවැයට එරෙහිව විශ්වාස භංගයක් ගෙන එන ලෙස ආණ්ඩුවේම පිරිසක් යෝජනා කර ඇති ද අනාවරණය කළේය.







