ලෝකයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් 2020 වසර අවසන් වන විට චීනයට ගෙවීමට තිබූ ණය ප්‍රමාණය ඩොලර් බිලියන 110 ඉක්ම වූ බව අනාවරණය වේ.
සංවර්රටවල් 68 ක් චීනයට සහ එරටට සම්බන්ධ ණය දෙන ආයතන වෙත මෙතරම් ණය මුදලක් ගෙවීමට ඇති බව අනාවරණය වී ඇත්තේ ෂැංහයි හි ෆුඩාන් විශ්ව විද්‍යාලයේ හරිත මූල්‍ය සහ සංවර්ධන මධ්‍යස්ථානය මගින් සිදුකළ අධ්‍යනයක දී ය.
එම අධ්‍යයන වාර්තාවට අනුව, අදාළ සංවර්ධනය වෙමින් පවතින රටවල් 68 ක් විසින් 2022 වසරේ දී සහ වාරික සහ ආපසු ගෙවීම් වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 52.8ක් පමණ ලොව පුරා විවිධ රටවලට සහ මූල්‍ය ආයතනවලට ගෙවීමට නියමිතව ඇත.
ඉන් චීනයට සහ එරටට සම්බන්ධ වෙනත් ණය දෙන ආයතනවලට ගෙවීමට ඇති මුදල ඩොලර් බිලියන 14 කට ආසන්න බව ද අදාළ අධ්‍යයන වාර්තාව මගින් වැඩිදුරටත් අනාවරණය කර තිබේ.
එම පර්යේෂණයට අනුව, සංවර්ධනය වෙමින් පවතින රටවලට ණය දෙන්නන්ගෙන් ප්‍රමුඛතම රට වී ඇත්තේ චීනය වන අතර ලෝක බැංකුවට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට පසු ලොව විශාලතම තනි ණය දෙන්නා චීනය බව ද හෙළිවී ඇත.







