මගී බස් රථවල ගමන් කිරීමේ දී ඊට අදාළ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා බැංකු කාඩ්පත් භාවිතය අද සිට ආරම්භ වේ.
පළමු අදියර ලෙස මාර්ග 20ක පමණ එම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
හඳුන්වා දෙන සමාරම්භක වැඩසටහන අද (24) පෙරවරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේදී පැවැත්වේ.
ඩිජිටල් අමාත්‍යාංශ සහ ප්‍රවාහන අමාත්‍යාංශය එක්ව මෙම නව ක්‍රමවේදය ක්‍රියාත්මක කරනු ලබයි.







