බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විගණකාධිපතිවරයාගේ සේවා කාලය මාස 03කට දීර්ඝ කිරීමටට ජනපති යැවු  නිර්දේශය  ව්‍යවස්ථා දායක සභාව ප්‍රතික්ෂේප කරයි…  තනතුර හිස් වේ

by editor
නොවැම්බර් 23, 2025
in පුවත්
ඡායාරූපය - අකිල ජයවර්ධන

ඡායාරූපය - අකිල ජයවර්ධන

Share on FacebookShare on Twitter

වැඩබලන විගණකාධිපතිවරයාගේ සේවය තවත් මාස තුනකට දීර්ඝ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් කරන ලද නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇත.

අද (23) ප්‍රකාශයට පත් වුන සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරන්නේ     මහනුවර දළදා පෙරහැර නැරඹීම සඳහා වැඩබලන විගණකාධිපතිවරයා රාජ්‍ය බැංකුවකින් ටිකට්පත් හයක් පිළිගෙන ඇති බවට ලේඛනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය ජනාධිපතිවරයාගේ නිර්දේශය   ප්‍රතික්ෂේප කර ඇති බවත්ය.

විපක්ෂ නායකවරයා සහ සිවිල් ක්‍රියාකාරිකයින් ජනාධිපතිවරයාගේ නිර්දේශයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ උක්ත රාජ්‍ය බැංකුව ජාතික විගණන කාර්යාලය විසින් විගණනය කරනු ලබද්දී වඩ බලන විගණකාධිපතිවරයා විසින්  මෙම ප්‍රදානය පිළිගැනීම නුසුදුසු බව  හුවා දක්වමිනි.

වැඩබලන විගණකාධිපති ගම්මන්පිල එච්.ඩී. ධර්මපාල දැනට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ය. ඔහු  විශ්‍රාම යාමට වසර තුනහමාරක කාලයක්  තිබේ.

විශේෂත්වය වන්නේ මෙම නිලධාරියා මග හැර සමාන්තර සේවාවල නිලධාරියෙක් විගණකාධිපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපතිවරයා මින් පෙර කළ නිර්දේශය ප්‍රතික්ෂේප කිරීමට ව්‍යවස්ථා දායක සභාව කටයුතු කිරිමය. එබැවින්    වැඩ බලන විගණකාධිපතිවරයා ලෙස මාස 06 කාලයක් සඳහා  ගම්මන්පි එච්.ඩී.ධර්මපාලට ව්‍යවස්ථාදය සභාවේ ද අනුමැතිය ලැබුනේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඔහුගේ සේවා කාලය මේ සතියේ අවසන් වන බැවින් ඔහුට තව මාස තුනක සේවා දිගුවක් අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව විසින් පෙරේදා (21) ප්‍රතික්ෂේප කළේය.

ව්‍යවස්ථා දායක සභාව එහි සභාපති සහ පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ගේ සභාපතිත්වයෙන් රැස් වී අදාල නිර්දේශය සලකා බැලූ අවස්ථාවේ දී යෝජනාවට සාමාජිකයින් පස් දෙනෙක් විරුද්ධ වූහ. සිවු දෙනෙක් පක්ෂ වූහ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂය විසින් නම් කරන ලද සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පෙරේරා සහ සිවිල් සමාජය නියෝජනය කරන සාමාජිකයින් තිදෙනෙකු වන ආචාර්ය වෛද්‍ය  අනුලා විජේසුන්දර, ආචාර්ය ප්‍රතාප් රාමනුජම් සහ දිනේෂා සමරරත්න  නිර්දේශයට විරුද්ධව ඡන්දය දුන්හ.

ජනාධිපතිගේ  යෝජනාව ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, විගණකාධිපති ධුරය හිස් වී ඇති අතර, ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාව වෙත නව නමක් යෝජනා කර  යැවිය යුතුය.

එමෙන්ම ව්‍යවස්ථා සභාවේ සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ ව්‍යවස්ථා දායක සභාව හොබවන ධුර කාලය 2026 ජනවාරි මාසයේදී අවසන් වන අතර නව සාමාජිකයින් පත් කළ යුතුය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සර්ප දෂ්ඨනයකින් රෝහල්ගත කළ උසස් පෙළ සිසුවෙක් රෝහලේ සිට විභාගය ලියයි!

Next Post

බැංකු කාර්ඩ් එකෙන් බස් ගාස්තු ගෙවන ක්‍රමය අද සිට ඇරඹෙයි… නියමු ව්‍යාපෘතිය මාර්ග 20ක….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.