තුෂාරී කළුබෝවිල – කීර්ති ප්‍රනාන්දු –
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ දෙවැනි වරට පොලිස් ස්ථානයක ස්ථානාධිපති ධූරයට කාන්තා නිලධාරිනියක් පත් කෙරේ.
ඒ අනුව 11 වැනිදා ගම්පහ නාල්ල අලුතෙන් විවෘත කෙරෙන පොලිස්ථානයේ ස්ථානාධිපති ලෙස කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. එම්. අයි. කාංචනා සමරකෝන් වැඩ බාරගැනීමට නියමිත බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

ඇයගේ සැමියා ද අමාත්‍ය ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත ව සේවයෙන් නියුතු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.
කෑගල්ල බාලිකා මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය උපත ලබා ඇත්තේ හෙම්මාතගම ප්‍රදේශයේ ය.
කාන්තා උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස 1997 වසරේදී ශ්‍රී ලංකා පොලිස් සේවයට එක්වූ ඇය හලාවත, වව්නියාව, ගම්පහ, මීරිගම, නිට්ටඹුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු කොට්ඨාස ගණනාවක සේවය කර ඇත. ඇය දරුවන් දෙදෙනෙකුගේ මවකි.
අනව පොලිස් ස්ථානය මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකරගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.







