අධික වර්ෂාව හේතුවෙන් ඇති වී තිබෙන නායයාම් අවදානම මත කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාවෙන් සහ හිඟුලෙන් වසා දැමීමෙන් පසු නුවර කොළඹ මාර්ගයේ ගමන් ගන්නා රථවාහන සඳහා විකල්ප මාර්ග භාවිත කිරීමට සැලසුම් කොට ඇති බව ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක පවසයි.
මාතලේ වත්තේගම මැනික්හින්න දෙසින් කොළඹට ගමන් ගන්නා රථවාහන කටුගස්තොට ගලගෙදර කුරුණෑගල හරහා කොළඹට ධාවනය කිරීම සඳහා මහජනතාවට දැනුම් දෙනු ලැබේ
මහනුවර සිට කොළඹ දක්වා ගමන් ගන්නා රථවාහන පේරාදෙණිය ගෙලිඔය ගම්පල හෙම්මාතගම මාවනැල්ල හරහා කොළඹ දෙසට ධාවනය කෙරේ.
කඩුගන්නාව ඩෝසන් කුළුණ අසලින් කොළඹට ගමන් ගන්නා රථවාහන ගම්පොළ හෙම්මාතගම මාවනැල්ල ඔස්සේ කොළඹ දෙසට ගමන් කරන ලෙසට මහනුවර පොලිසිය මගින් දැනුම් දෙනු ලැබේ.
හෙට 11 දිනයේ පහළ කඩුගන්නාව මාර්ගය වසා තබන බැවින් මෙම මාර්ග පමණක් භාවිතා කරන ලෙස ජනතාවට අවධාරණය කරන බව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කර සිටියේය.
පහළ කඩුගන්නාව ගල විදපු ස්ථානයේ සිට පළතුරු කඩ පෙදෙස දක්වා දැඩි නාය යාමේ අවදානම් තත්ත්වයක් පවතින බවට පේරාදෙණි විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශය මහාචාර්ය අතුල සේනාරත්න අද පෙරවරුවේ ප්‍රකාශ කොට තිබිණි..