මනුෂ්‍ය ඝාතන ඉහළ යමින් සිදුවන අපරාධ අනුපාතයට පිළියම් යෙදීම සඳහා අධිකරණයට පරිබාහිරව සිදුවන ක්‍රියාකාරකම්වලින් ශක්‍ය විසඳුමක් නොලැබෙන බවත් අපරාධ ක්‍රියාකාරකම් වලට එරෙහිව සටන් කිරීම සඳහා නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම වඩාත් ඵලදායී මාධ්‍යයක් බවත් ශ්‍රී ලංකා නීතීඥ සංගමය (BASL) දැඩි ලෙස අවධාරණය කරමින් නිවේදනයක් නිකුත් කර ඇත.
පසුගියදා පොලිස් අත්අඩංගුවේ සිටියදී සැකකරුවන් දෙදෙනෙකු මියයාම සහ අධිකරණයක් තුළදී තවත් පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස නීතිඥ සංගමය විසින් වැඩ බලන පොලිස්පතිවරයා අමතා කළ එම නිවේදනයෙන් ඉල්ලා තිබේ.
ඉදිරියේදී මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට කටයුතු කළ යුතු බවත් අධිකරණ භාරයේ සිටින පුද්ගලයින්ගේ සහ පොලිස් අත් අඩංගුවට පත්වන පුද්ගලයින්ගේ නීති විරෝධී ඝාතන සම්බන්ධයෙන් අදාල බලධාරීන් ඍජුව වගකිවය යුතු බවද නීතිඥ සංගමය එම නිවේදනයෙන් අවධාරණය කරයි.
පෙබරවාරි 21 වෙනිදා, පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයින් දෙදෙනෙකුට මාරාන්තික වෙඩි ප්‍රහාර එල්ල වූ බවත්, එම වෙඩි ප්‍රහාර පොලිසිය සහ එම සැකකරුවන් අතර ඇති වූ ආරවුලක් අතරතුර දී වාර්තා වූ බවත් වාර්තාවන අතර සැකකරුවන් එදින රාත්‍රියේ කොටහේන ප්‍රදේශයේ සිදුවූ ඝාතනයකට සම්බන්ධ බවට බලධාරීන් චෝදනා කරයි.
එවැනි ඝාතන යළි යළිත් සිදුවීම පිළිබඳව කනස්සල්ල පළ කළ නීතිඥ සංගමය රාජ්‍ය දණ්ඩමුක්තිය පිළිබඳ චෝදනාවලට තුඩු දෙන පෙර සිද්ධීන් හොඳින් විමර්ශනය කර නොමැති බව ද පෙන්වා දෙයි.
අර්ථවත් ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වී නිසා අධිකරණ පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය දැඩි ලෙස පළුදු කර ඇති බව එම ප්‍රකාශයේ දී නීතිඥ සංගමය අවධාරණයෙ කරයි.
නීතිඥ සංගමයේ සභාපති අනුර මැද්දේගොඩ, ලේකම් ජනාධිපති නීතිඥ චතුර ගල්හේන විසින් අත්සන් කරන ලද මෙම ප්‍රකාශය, වගවීම සහතික කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී නීති විරෝධී ප්රචණ්ඩත්වයේ සංස්කෘතිය තුරන් කිරීම සඳහා සංගමයේ කැපවීම තහවුරු කර ඇත.
මේ ලිපියත් බලන්න…
පරණ අල්ලන සෙල්ලම උඹලත් පටන් අරන්… විලි ලජ්ජයි අනුර සහෝදරයා..







