සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙම්වතිය බලන්න ගිය කුලියාපිටිය තරුණයා ඝාතනය සම්බන්ධයෙන් විශ්‍රාමික DIG කෙනෙකුගෙන් සහ වයඹ තවත් ප්‍රබල දේශපාලකයෙකුගෙන් CID ය ප්‍රශ්න කිරීමේ සූදානමක්…

by editor
මැයි 14, 2024
in පුවත්
Kuliyapitiya
Share on FacebookShare on Twitter

ගයාන් කුමාර වීරසිංහ ( දිනමිණ) –

සිය පෙම්වතියගේ පියාගෙන් ලද කැඳවීමකට අනුව පසුගිය අප්‍රේල් 22 වැනිදා උදෑසන කුලියාපිටිය, වස්සාවුල්ලේ පිහිටි සිය පෙම්වතියගේ නි‍වසට ගිය සුසිත් ජයවංශ නැමැති තරුණයාට පහරදී ඝාතනය කර සිරුර මාදම්පේ, පනිරෙන්ඩාව රක්ෂිතයේ අතහැර දැමීම සම්බන්ධයෙන් කෙ‍ෙරන විමර්ශනයට අදාළව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ වයඹ  තවත් ප්‍රබල දේශපාලනඥයකුගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය සූදානමින් සිටියි.

විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා වයඹ පළාතේ සේවයේ නිරතව සිට විශ්‍රාම ගිය අයකු වන අතර ඔහුගේ බිරිය මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුගේ ඥාතියෙක් බවට තොරතුරු ද පොලිසියට ලැබී ඇත.

ප්‍රධාන සැකකරු වන සිඟිති සහ ඔහුගේ බිරිය පොලිසියට භාරකරන බව පවසා පොලිසිය නොමග යවා ඔවුන් දෙදෙනාව අධිකරණයට භාරකරවා ඇත්තේ ද එම විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිවරයා බව විමර්ශනයට සම්බන්ධ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන සිඟිති වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයන් කිහිප දෙනෙකු සමඟ ඉතා කිට්ටුවෙන් ඇසුරුකරන අයකු බව ද විමර්ශනවලින් පෙනී ගොස් ඇත. නීතිඥවරුන් ද වන වයඹ පළාතේ ප්‍රබල දේශපාලනඥයන් දෙදෙනෙකුගෙන් සිඟිති නීති උපදෙස් ද ලබාගෙන ඇති බවට තොරතුරු පොලිසියට ලැබී ඇත. දුරකතන ජාල විමර්ශනයකදී අදාළ දේශපාලනඥයන්ට සිඟිති එම දිනවල එක දිගට දුරකතන ඇමතුම් ලබාදී ඇති බව ද පැහැදිලිව අනාවරණය වී තිබේ.

එසේ සිඟිති විසින් ඇමතුම් ගත් වයඹ පළාතේ හිටපු මහ ඇමතිවරයකු වන නීතිඥ අතුල විජේසිංහගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි. ඒ අනුව ඉදිරියේදී අනෙක් දේශපාලනඥයාගෙන් ද ප්‍රකාශ සටහන්කර ගැනීමට පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියා කීය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පොලිස් තොරතුරු සඳහන් කරන ආකාරයට අනුව මෙම ඝාතනය සම්බන්ධයෙන් 08 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. ඒ අය අතර ප්‍රධාන සැකකරු සිඟිති, සිඟිතිගේ බිරිඳ හා සිඟිතිගේ මවුපියෝ ද සිටිති. ඒ හැරුණුකොට සිඟිති මෙම ඝාතනයට වැලිමඩින් කුලියට ගෙන්වාගත් වඩු කාර්මිකයන් දෙදෙනා ද සිඟිතිගේ මස්සිනා ද සිටිති. මස්සිනාගේ බිරිඳ මේ වන විට අත්අඩංගුවට ගෙන නැති අතර ඇය මෙම සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකාරියක් බව පොලිසිය කියයි.

විමර්ශනවලින් හෙළිවී ඇති ආකාරයට අනුව සුසිත් ජයවංශ නැමැති තරුණයා වස්සාවුල්ලේ නි‍වසට කැඳවා ප්‍රශ්න කිරීමකට ලක්කර ඇති බවය. එහිදී සිඟිතිගේ දියණිය විවහා කර ගැනීමට මෙම තරුණයා සිය අකැමැත්ත ප්‍රකාශ කිරීමෙන් අනතුරුව තරුණයාව කාමරයකට දමා පහරදී ඇති බව ද අනාවරණය වී තිබේ. එම පහරදීම සිදුව ඇත්තේ රේඩියෝවේ ශබ්දය වැඩිකර තරුණයාගේ කෑ ගැසීම් හඬ නොඇසන ලෙස බව ද පොලිසිය කියයි.

අනතුරුව තරුණයාව මෝටර් රථයෙන් නංවාගෙන ගොස් ඇත්තේ වත්තම්කරගෙනය. ඒ වන විට තරුණයා මියගොස් සිට නැති බවට ඇසින් දුටු සාක්ෂියක් ද පොලිසියට මේ වන විට ලැබී ඇති බව සඳහන්ය. එම සාක්ෂිය ප්‍රබල සාක්ෂියක් බවට මේ වන විට පත්ව ඇතැයි ද පොලිසිය කියයි.

සුසිත් ජයවංශගේ පෙම්වතිය බව කියන සිඟිතිගේ 18 හැවිරිදි දියණිය මේ සිදුවීම වන විට නි‍වසේ සිට ඇති බවට ද තොරතුරු අනාවරණය වන්නේ යැයි පොලිසිය කියයි.

මෙම සිදුවීමෙන් අනතුරුව වෑන් රථයකින් සිඟිති සිය දරුවන් සමඟ පලාගොස් තැන තැන සැඟවී සිට අවසානයේදී බිරිඳ සමඟ කුලියාපිටිය අධිකරණයට භාරවී ඇත්තේ නීති උපදෙස් මතය. ඔහුට ඒ සඳහා නීතිඥ සහාය ලබාගැනීමට අවශ්‍ය උපදෙස් දේශපාලනඥයන් දෙදෙනාගෙන් අයෙක් විසින් ලබාදී ඇති බවත් එම උපදෙස්වලට අනුව සිඟිති සහ ඔහුගේ පවුලේ උදවිය හැසිරෙමින් සිටිනු දැකිය හැකි බව ද පොලිසිය කියයි.

සිය දියණිය සුසිත් අතින් 55 වතාවක් දූෂණය වූ බව පැවසීමත්, මීගමුවේ නි‍වසක රැඳී සිටියදී සුසිත්ගේ පෙම්වතිය වන සිඟිතිගේ දියණිය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය විසින් කරන ප්‍රකාශයත් නීති උපදෙස් මත සිදුවන්නක් බව පෙනී යන බවත් මේ සෑම දෙයක් ගැනම පොලිසිය විමසිලිමත්ව විමර්ශන පවත්වන බවත් උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

අප්‍රේල් 22 වැනිදා සිට අතුරුදන්ව සිටි සුසිත් ජයවංශ (31) තරුණයාගේ මළ සිරුර හමුවන්නේ පසුගිය 07 වැනිදාය. ඒ මාදම්පේ, පනිරෙන්ඩාව රක්ෂිතයේ තිබියදීය. මළ සිරුර පොලිසිය සොයා ගනු ලබන්නේ ද සිඟිතිගේ මස්සිනා අත්අඩංගුවට ගෙන ඔහු විසින් කළ හෙළිකිරීම්වලට අනුවය.

පහරදී ගෙල සිරකර තරුණයාව ඝාතනය කළ බව අත්අඩංගුවට ගත් එම සැකකරු පැවසුවත් මරණය සිදුවූ අයුරු නිශ්චිත ලෙස මෙතෙක් අනාවරණය වී නැත. මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත රෝහලේ තැන්පත්කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අවසන් කිරීමට සති 06ක පමණ කාලයක් ගතවනු ඇති බවත් හලාවත දිස්ත්‍රික් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්.එස්. ඇන්ටන් ප්‍රනාන්දු සඳහන් කළේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ෆේස් බුක් හරහා සංවිධානය වී  නකල්ස් රක්ෂිතය මැද අනවසරයෙන් සාද පැවැත්වූ 22ක් අත් අඩංගුවට… තරුණියන් 05ක් ඒ අතර…..

Next Post

ලක්ෂ 80ක වියදමින් ඉදිකළ අලි වැට තවම ක්‍රියාත්මක නෑ… ගම්මාන 4ක ගොවීන් 2000ක් තම ජීවිත සහ දේපළ අවදානමේ බව කියති!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.