සුමිත් පොතුපිටිය –
තියුණු ආයුධයකින් පහරදී අද (02) රාත්‍රි පුද්ගලයකු ඝාතනය කර ඇති බව මිල්ලනිය පොලිසිය පවසයි.
පහරකෑමට ලක්වූ පුද්ගලයා පිහිපහර කිහිපයක් එල්ලවීමෙන් පසු පොලිසිය අසලට පැමිණ ඇති බවත් පොලිසියේ මැදිහත් වීමෙන් ඔහු හොරණ මූලික රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ මිල්ලනිය කිම්මන්තුඩාව ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකු බව පොලිසිය කියයි.
ඝාතනය සිදුකර ඇති පුද්ගලයා ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත්, ඔහු සොයා පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය පවසයි.
මුදල් ආරවුලක් හේතුවෙන් ඇතිවූ ආරවුලක් හේතුවෙන් පහරදීම සිදුකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇති බවද පොලිසිය හෙළි කරයි.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් ද පැමිණිමට නියමිත බව උසස් පොලිස් නිළධාරීයෙක් පැවසුවේය.
මිල්ලනිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේෂ සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති