ගෙලට පදක්කම ගිලිහී ගියේය. ආසියානු මළල ක්‍රීඩා තරගාවලියක 17 වසරටක පසු දැල්වුන බලාපොරොත්තුව ගිලහී ගියේය. ආසියානු තරගාවලියක මළල ක්‍රීඩා පදක්කමක් මින් පෙර ශ්‍රී ලංකාව දිනාගෙන තිබුණෙ වර්ෂ 2006 දීය.
අද (02) චීනයේ හැංෂෝ හි පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 4×400 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ පදක්කම දිනාගෙන ස්වල්ප මොහොතක් ඇවෑමෙන් ඒ සිහිනය යළිත් බොඳ වුනේය.ඒ අසියානු කුසලාන 4×400 මිශ්‍ර සහාය දිවීමේ ඉසව්වේ දිනා ගත් රිදී පදක්කමට නසුදුස්සෙක් බවට නම් කිරීමෙනි. ඒ ඉසව්වේ මංතීරු කඩකිරීමේ වරද යටතේ ය.
තරගය නිමා කරන මුල් අවස්ථාවේ දී බහරේනය තත්පර 3:14.02කින් ඉසවවේ රන් පදක්කම දිනා ගත්තේය. ශ්‍රී ලංකාව රිදී පදක්කම තත්පර 3:14.25කින් ලබාගෙන තිබුණි. අරුණ දර්ශන, නදීෂා රාමනායක, කාලිංග කුමාරගේ, තුෂාරි දිල්සරා මෙම තරයට එක් වී සිටියහ. තත්පර 3:14.34කින් නිමා කර තිබූ ඉන්දියාව ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
කෙසේ වෙත්ත තරගයේ මංතීරු නීතිිය කඩකිරීමේ හේතුවෙන් ශ්‍රී ලංකාව නුදුසුස්සෙක් කොට ඉවත් කෙරිනි. ඒ අනුව ඉන්දියාව ලෝකඩ පදක්කමේ සිට රදී පදක්කම තෙක් උසස් වූයේය.
මේ එම තරගය පැවැත්වුන ආකාරය ය. දැන් ඒ පදක්කම අපට හිමි නැත…