ශ්‍රියානි විජේසිංහ –
ලාදුරු වැළඳුන දරුවන්ගෙන් සියයට 80්ක් දෙනාට එම රෝගය බෝවී ඇත්තේ තම නිවසින් යැයි කරන ලද පරික්ෂණවලදී තහවුරු වී ඇතැයි ලාදුරු රෝග මර්දන වැඩසටහනේ අධ්යක්ෂ වෛද්‍ය ප්‍රසාද් රණවීර සඳහන් කළේය.
ලාදුරු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගේ නිවැසියන් පරික්ෂා කිරිමේදී පාසල් වයසේ පසුවන දරුවන්ටද ලාදුරු රෝගය වැලදී ඇති බව තහවුරු කර ගැනීමට හැකිවන අතර මෙම සංඛ්‍යාව සියයට 80ක් පමණ යැයිද අධ්යක්ෂවරයා පැවසුවේය.
මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු මාසය දක්වා කාලය තුළ ලාදුරු වැලදුනු දරුවන් 105ක් හඳුනා ගත හැකි බූ බවද ඉන් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හදුනාගත හැකි වුන බවත් වෛද්‍ය රණවීර කීය.
මේ වසරේ ගතවූ මාස කීපය තුළ රෝගීන් 1000ක් හඳුනාගැනීමට හැකි වූ බවත් ඉන් වැඩිම පිරිස කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනා ගත් බවත් එයින් කොළඹ මහ නගරසභා සීමා තුළ සහ මොරටුව ප්‍රදේශයේ සැලකිය යුතු පිරිසක් හදුනා ගැනීමට හැකි වූ බවත් ලාදුරු මර්දන වැඩසටහන සඳහන් කළේය.