පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සහරාන් හෂීම් මෙහෙයවීමේ කටයුතු සිදුකර ඇත්තේ කටාර් රාජ්‍යයේදී අත්අඩංගුවට ගනු ලැබූ මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් යන අය බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසයි.
ඔහු මාධ්‍යයට මෙම හෙළිදරවු කිරීම කරනු ලබන්නේ පාස්කු ප්‍රහාරය සෙවීම සඳහා පත් කළ කොමිසම විසින් පවා මෙම ප්‍රහාරය පසුපස සිටි මහ මොළකරු යැයි කී පුද්ගලයන් හෙළිදරවු නොකර ඇති පසුබිමක වීම විශේෂය.
සහරාන් තම විරුද්ධ ආගමික මත දරන මුස්ලිම් වැසියන් පිරිසකට පහර දෙමින් 2017 දී අලියාර් ප්‍රදේශයෙන් මතු වූ බවත්, එම ප්‍රහාරයෙන් පසුව පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුකළ තැන දක්වා ඔහු සමග සබඳතා පැවැත්වූ පිරිස් සමග බුද්ධි අංශ විමර්ශනයක් කළ බවත් අමත්‍යවරයා පැවසුවේය. වසර ගණනාවක් කටාර් රාජ්‍යයේ සිටින මොහොමඩ් ඊබ්‍රාහිම් මොහොමඩ් නවුෆර් නැමැති පුද්ගලයා පිළිබඳ හෙළිවන්නේ එම විමර්ශනවලින් බව කී . ISIS නායක අබු බකර් අල් – බැග්ඩාඩි ගේ මතවාදය සමග සහරාන්ව සම්බන්ධ කළේ මෙම නවුෆර් නැමැත්තා බව හෙළි කරගත් බව කීවේය.
එම පුද්ගලයා දැන් සිටින්නේ අත්අඩංගුවේ බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.