fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත් පාස්කු කොමිසම

කොමිසමත් සංවේදි කළ පියතුමාගේ සාක්කිය

වසර 2ක් ago
in පාස්කු කොමිසම
479 5
0
Share on FacebookShare on Twitter

මනුෂ්‍ය ජීවිතයක වටිනාකම හා ඒ එක් ජිවිතයක් රැක ගැනීම සඳහා මනුෂ්‍යයන් ලෙස තමන් කැපවූ ආකාරය පැහැදිළි කරමින්  ලෝරන්ස් රාමනායක පියතුමා පසුගිය 26 වැනිදා අතිශය සංවේදී සාක්ෂියක් ලබා දුන්නේය. පාස්කු ප්‍රහාරයෙන් සදාකාලික අබාධිත තත්වයට පත්වූ මවක් වෙනුවෙන් පමණක් රුපියල් ලක්ෂ 338ක් වියදම් කළ ආකාරයත් ඉන් ආසිරි රෝහලේ ප්‍රතිකාර ගැනීම සඳහා පමණක් වැය වූ ලක්ෂ 110ක පූර්ණ වියදමම එම රෝහල් බලධාරීන් විසින් කපා හැරිය ආකාරයත් පියතුමා දෙනෙතේ කඳුළු පුරවාගෙන කොමිසම හමුවේ කීහ. මෙවන් මහා අමානුෂික ඛේදචාක හමුවේ ස්වකීය ජනතාව වෙනුවෙන් පෙනී සිටි කාදිනල් තුමාගේ විශිෂ්ට නායකත්වය දේශපාලනයකට ලඝු කර ඇතැමුන් කරන ප්‍රකාශ පිළිබඳව උන්වහන්සේ  සිය කණගාටුව කොමිසම හමුවේ පල කළහ.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරීශ්‍රයේ බිම් මහලේ රූබි ශාලාවේ ස්ථාපිතකර ඇති පංච පුද්ගල ජනාධිපති කොමිසන්  සභාව ඊයේ රැස්වූයේ එහි සභාපති අභියාචනාධිකරණ විනිසුරු ජනක්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙනි. අභියාචනාධිකරණ විනිසුරු බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සුනිල් රාජපක්ෂ, බන්දුල අතපත්තු යන මහත්වරු සහ විශ්‍රාමික අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් මංගලිකා අධිකාරී මහත්මිය කොමිසමේ සෙසු සාමාජිකයන්ය. කොමිසමේ ලේකම් ලෙස කටයුතු කරන්නේ බුවනෙක හේරත් මහතාය.

ලෝරන්ස් රාමනායක පියතුමන් 25 වෙනිදා රාත්‍රියේදීද කොමිසම හමුවේ දීර්ඝ ලෙස කොමිසම හමුවේ සාක්ෂි දුන්හ. පසුගිය 26 වෙනිදා කොමිසම හමුවේ උන්වහන්සේගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරනු ලැබුවේ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් වෙනුවෙන් කොමිසම හමුවේ පෙනී සිටින ජනාධිපති නීතීඥ ෂමිල් පෙරේරාය.

කොමිසම හමුවේ මෙදින ලෝරන්ස් රාමනායක පියතුමන් පැහැදිලිකර දුන්නේ පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා ජීවිතයත් මරණයත් අතර දැඩි සටනක නිරතව සිට මාස 14 ක් රෝහල්ගතව සිට ඊට දින කිහිපයකට පෙර සිය නිවසට රැගෙන ගිය දෙදරු මවක් ගැනය.

“කටුවපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට පාස්කු ඉරිදා එල්ලවුණු  ප්‍රහාරයෙන් තුවාල ලබා වසරකට අධික කාලයක් රෝහල්ගතව සිටි තිලිනා හර්ෂණී නැමැති මව ඉකුත් සතියේ රෝහලින් සිය නිවස වෙත රැගෙන ගියා. ඇය ජීවත්වේවි යැයි කියා විශ්වාසයක්වත් තිබුණේ නැහැ. දින 72 ක් ඇයට ආසිරි රෝහලේ ප්‍රතිකාර කරන්නට සිදුවුනා. රුපියල් ලක්ෂ 110 යි එම රෝහලේ ඇය වෙනුවෙන් ලබාදුන් ප්‍රතිකාරවල බිල්පත. එහෙත් එම රෝහල එම මුදල ලබාගත්තේ නැහැ.

ඇගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 228 ක් ඊට අමතරව ප්‍රතිකාර සහ ඹෟෂධ සඳහා වැය කරන්නට සිදුවුනා. ඇය දිරිය මවක්. එක් ඇසක් අහිමියි. දෑතේ ඇගිලි වලින් වැඩ කරන්නේ එක් ඇඟිල්ලක් පමණයි. තුනටියෙන් පහළ පණ නැහැ. ඒත් ඇය අපෙන් ඉල්ලන්නේ ඇඟිලි පහක් වැඩ කළානම් මම දරුවන්ව ජීවත්කරවනව කියලයි. ඇයට අපි ඉලෙක්ට්‍රෝනික් රෝද පුටුවක් පවා ලබාදුන්නා. නිවසේ ඇය වෙනුවෙන් වෙනම කාමරයක් සකස් කලා. පැය විසි හතරම ඇයව බලා ගන්න හෙදියක් නතර කළා. ඇයට උපදේශන සේවාවන් දිගින් දිගටම ලබාදෙනවා.“

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය එක් පවුලක් වෙනුවෙන් එවකට පැවැති රජය රුපියල් මිලියනයක් දුන්නා නේද?

ලෝරන්ස් රාමනායක පියතුමා

ඔව්, ගෙව්වා

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

එම මුදල් නොලැබුණු අයත් ඉන්නවද?

ලෝරන්ස් රාමනායක පියතුමා

කොච්චිකඩේ දේවස්ථානයට එල්ලවුණු ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගතව සිටි දෙදෙනෙක් ඉකුත් ජනවාරි මාසයේත් මාර්තු මාසයේදීත් මිය ගියා. එම පවුල් දෙකට විතරක්  එම මුදල ලැබිල නැහැ.

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

විපතට පත්වුණු දරුවන් වෙනුවෙන් අගරදගුරු හිමිපානන් ඩයලොග් ආයතනය සමග එක්ව යම් ගිවිසුමක් අත්සන් තැබුවද?

ලෝරන්ස් රාමනායක පියතුමා

කටුවපිටියේ දරුවෝ 115දෙනෙකුත් කොච්චිකඩේ දරුවෝ 102 දෙනෙකුත් විපතට පත්වූ අය අතර සිටිනවා. ඒ අයට උසස් පෙළ දක්වා අධ්‍යාපනය හදාරන්නට ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහනකට අදාලව ගිවිසුමකට එළඹුනා.

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

මුස්ලිම් ලෝක සංවිධානය විසින් යම් ප්‍රතිපාදනයක් ලබාදුන්ද?

ලෝරන්ස් රාමනායක පියතුමා

එම සංවිධානයේ ප්‍රධානියා මොහොමඩ් බින්. පාස්කු ප්‍රහාරයෙන් පසු 2019 වසරේදී  ඔහු ලංකාවට පැමිණියා. ඒ කණ්ඩායමක් සමගයි. ඒ පැමිණියේ ඔවුන් නියෝජනය කරන ආයතනයෙන් පාස්කු බෝම්බ පිපිරිමෙන් හානි වූ අයට පහසුකම් සපයන්න මූල්‍යමය ආධාරයක් දෙන්නයි.

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

කොපමණ මුදලක්ද?

ලෝරන්ස් රාමනායක පියතුමා

ඇමරිකානු ඩොලර් මිලියන 05 ක මුදලක්. එදා ඔවුන් මෙරටට පැමිණ ගුවන්තොටුපොලේ ඉඳන් කෙලින්ම පැමිණියේ කාදිනල් හිමියන් මුණගැසෙන්නයි. විපතටපත්වූ ජනතාවට ලබාදීම සදහා එම මුදල රජය හරහා ලබාදෙනවා කියල ඒ අය කාලිනල් හිමිපානන්ට සඳහන් කළා. අප පසුව දැක්කා එම සංවිධානය එවකට හිටපු ජනාධිපතිවරයාට නෙළුම්පොකුණ ශාලාවේ පැවැති උත්සවයකදී එම මුදල් චෙක්පතට අදාල අනුරුවක් ලබාදෙනවා.

(මෙම අවස්ථාවේදී මෙම මුදල් සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත හිමි විසින් කරන ප්‍රකාශයකට අදාල වීඩියෝවක් කොමිසම හමුවේ විකාශය කෙරුණි. මුස්ලිම් සංවිධානයෙන් ලද එම මුදල් පාස්කු ප්‍රහාරයෙන් විපතට පත්වූ ජනතාව වෙනුවෙන් වියදම්කර නැති බවත් එම මුදලට කුමක් සිදුවීදැයි ප්‍රශ්න කරන ආකාරයක් එම වීඩියෝවෙන් දිස්විය.)

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

බස්නාහිරප ආණ්ඩුකාර කාර්යාලයෙන් යම් මුදල් පරිත්‍යාගයක් ලැබුණද?

ලෝරන්ස් රාමනායක පියතුමා

ඔව්. චෙක්පත් දෙකක් ලැබුනා. ඒ රුපියල් ලක්ෂ විසි පහ බැගින්. ලක්ෂ පනහක්. එම චෙක්පත් ලියල තිබුනේ 2019 වසරේ අප්‍රේල් 29 වෙනිදා. එම චෙක්පත් අවලංගු වීමට නියමිතව තිබුනේ 2019 වසරේ ජුනි 20 වෙනිදා. ඒත් එය තවත් දින 30 කට දීර්ඝකිරීමේ නිල මුදාවක් සඳහන්ව තිබුණා. එම චෙක්පත් දෙක අගරදගුරුතුමන් අතට පත්වන්නේ 2019 ජූලි 19 වෙනිදා. එම චෙක්පත් අවලංගු වීමට තිබුනේ එක් දිනක් පමණයි. එම චෙක්පත් අපි භාරගත්තා. ගිණුම්වලට බැර කළා. ඒබව ආණ්ඩුකාර කාර්යාලයට දැනුම්දීමකුත් කලා.

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

කාදිනල් හිමිපානන් වහන්සේගේ ආරක්ෂාවට වෙඩි නොවදින වාහනයක් ලැබුනා නේද?

ලෝරන්ස් රාමනායක පියතුමා

ශ්‍රී ලංකා කතෝලික සභා ඉතිහාසයේ කාදිනල්හිමිපානන් වහන්සේලා ඉන්නේ දෙන්නෙක් පමණයි. ඒ එක් අයෙක් වන්නේ තෝමස් කාදිනල. දෙවැන්නා තමයි මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්. මෙම කාදිනල් හිමිපානන් වහන්සේ යටතේ සේවය කිරීමට ලැබීමත් භාග්‍යක් ලෙසයි අපි සලකන්නේ. බෝම්බ ප්‍රහාරයෙන් පසු උන්වහන්සේට එවකට පැවැති රජය විසින් වෙඩි නොවදින කාර් රථයක් දුන්නා. මමත් ඒ කාර් රථය ගෙනාපු දවසේ අතගාල බැලුවා.  ඒත් කාදිනල් හිමිපානන් එම රථය ඒ මොහොතේම ප්‍රතික්ෂේප කළා. උන්වහන්සේගේ ආරක්ෂාවට ඒ වන විට යුද හමුදාවේ විශේෂ බලකායේ නිලධාරින් යොදවල සිටියා. ඒ අය කිව්වා අපි ඉල්ලලයි මේ වාහනේ ගත්තේ කාදිනල් හිමිපානන් එළියට යනකොට දැන් අපිට බයක් නැහැ කියල. ඒත් වාහනේ පෝටිකෝවේ නවත්තල තියන්න පුළුවන් වුනේ විනාඩි 15 ක් විතරයි. උන්වහන්සේ පැවැසුවා ගෙනාපු කෙනාම මගේ භූමියෙන් මේක අරගෙන යන්න කියල. මගේ ජනතාව ආරක්ෂාකර දෙන්න බැරිවුනානන්, මාව ආරක්ෂා කරන්නේ ඇයි කියල උන්වහන්සේ ඇසුවා.

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

කාදිනල් හිමිපානන් වහන්සේ දේශපාලන අරමුණක් ඇතිව කටයුතු කරන බවට චෝදනාවක් කරනව.

ලෝරන්ස් රාමනායක පියතුමා.

කාදිනල්හිමිපානන්ට යම් දේශපාලන පක්ෂයකට පක්ෂාග්‍රාහීව ලෙන්ගතුව කටයුතු කරන්න ඕනේ නම් ඇති තරම් අවස්ථාවන් තිබෙනව. ඒත් උන්වහන්සේ  පක්ෂ දේශපාලනයේ කිසිසේත්ම නිරතවෙලා නැහැ. ඒ ගැන ඇතැමුන් කරන ප්‍රකාශ කිසිසේත් අනුමත කරන්නත් බැහැ. උන්වහන්සේ කතෝලික ජනතාවගේ නායකයා. ඒ ජනතාව වෙනුවෙනුයි උන්වහන්සේ කටයුතු කළේ. ඒ පැවැති දේශපාලන අධිකාරියට උන්වහන්සේ සිය හඩ අවදිකළේ කතෝලික ජනතාවට සාධාරණය ඉල්ලලයි. දැන් පවතින දේශපාලන අධිකාරියටත් උන්වහන්සේ අවශ්‍ය වෙලාවට කටහඬ අවදිකරයි.

ජනපති නීතීඥ ෂමිල් පෙරේරා

පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වූ ජනතාවට සහන සැළසීමේ කටයුතු සම්බන්දයෙන් රජය ගෙනයන පියවර ගැන සෑහීමට පත්විය හැකිද?

ලෝරන්ස් රාමනායක පියතුමා

පැවැති රජය තීන්දු තීරණ කිහිපයක්ම ගත්තා. ඒවායින් සමහර දේවල් ක්‍රියාත්මක වුනා. ඒ වගේම තවත් දේවල් ක්‍රියාත්මක කරන්න බැරිවුනා. පෙර රජය දේවස්ථාන හදල දෙන්න පොරොන්දු වුනා. ඒ වගේම අපේ දේවස්ථාන දෙකම හදල දුන්නා. නාගරික ජනාවාස ව්‍යාපෘතිය හරහා හානියට පත්වූ ජනතාවට නිවාස ලබාදීමේ වැඩ සටහනකට මුල පිරුවා. ඒ සඳහා ඉඩම් මිලදී ගැනීමක් අපි කළා. පැවැති රජය සැළසුම් හැදුවා. නිවාස ඉදිකරන්නට මුල්ගල් තැබුවා. ඒත් දේශපාලන වෙනසත් සමග එම කටයුත්ත ඉදිරියට කරන්න බැරිවුනා.

වත්මන් රජයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඒ ඉතුරු දේවල් ටික කරන්න කියල කාදිනල්හිමිපානන් ඉල්ලීමක් කළා. ඒ අනුව අදටත්  අසාධ්‍යව සිටින බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා ප්‍රතිකාර ගන්නා රෝගීන් 39 දෙනෙක් වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබාදී ඒ වැයවන මුදල් රජයේ අරමුදලකින් පියවීමට   පියවර අරගෙනයි තියෙන්නේ. ඒ වගේම අතර මග ඇනහිටිය නිවාස ව්‍යාපෘතියත් ආරම්භ කිරීමට අගමැතිවරයා එම අවස්ථාවේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම් දී තිබෙනවා. දැනට අපි එම ඉඩමේ නිවාස 06 ක් ඉදිකිරීමට ආරම්භ කළා. ඒ ඉතාලියේ මෙරට ජනතාවගෙන් ලද අරමුදල්  යොදවල.

(මෙම අවස්ථාවේදී පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් කිහිප දෙනෙකුගේ ජායාරූප කොමිසම හමුවට ලෝරන්ස් රාමනායක පියතුමන් ඉදිරිපත් කළේය. ඒ එක් එක් ඡායාරූපයේ සිටින කුවාලකරුවන් ගැන යම් පැහැදිලි කිරීමක් එතුමන් කරන්නට වූහ. එහිදී අවස්ථා කිහිපයකදීම උන් වහන්සේ සංවේදී වූයේ කදුළු සලමිනි. එම අවස්ථාවේදී කොමිසමේ කොමසාරිස්වරියක්වන මංගලිකා අධිකාරී මහත්මියද සංවේදී වන අයුරු දකින්නට විය.)

ලෝරන්ස් රාමනායක පියතුමා

මෙම කොමිසන් සභාව කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් තිබෙනවා. අපි වන්දි නෙවෙයි ඉල්ලන්නේ. සාධාරණයයි. සාධාරණත්වය වෙනුවෙනුයි හඩ නගන්නේ. මෙම කොමිසන් සභාවට කතෝලික ජනතාව ස්තූතිවන්ත වෙනවා. මේ තරම් ගැඹුරින් තොරතුරු සොයන වෙන කොමිසමක් නැති තරම්.

සභාපති විනිසුරු ජනක්ද සිල්වා

මෙම බෝම්බ ප්‍රහාරයෙන් දිවි අහිමිවූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේත් තුවාල ලැබූළුන්ගේත් ඒ අයගේ පවුල්වලත් වේදනාව කඳුළ, දුක වසරකට ආසන්න කාලයක් තුළ අපි මේ කරන ක්‍රියාදාමයේදී හොඳින් වැටහුනා. ඒ වගේම අපිට හොදට දැනුනා. ඒ නිසයි දිවා රෑ නොබලා බොහෝ අවස්ථාවන්වලදී අපගේ පවුල්වල පුද්ගලික කරුණු පැත්තක තියල මේ ක්‍රියාදාමයේ නිරතවෙලා ඉන්නේ.

මේ කටයුත්තේදී නීතිපති දෙපාර්තමේන්තුවේ දායකත්වය ඉහළින්ම ලැබිල තියෙනවා. ඒ වගේම තමයි කොමිසමට අනුයුක්ත පොලිස් ඒකකයේ නිලධාරීන්ගේ දායකත්වයත් ලැබිල තිබෙනව. කොමිසමේ අනිකුත් නිලධාරීන්ගෙනුත් මේ සඳහා දායකත්වයක් ලැබෙනව.

මේ ක්‍රියාදාමයේ අපි නිරතවෙලා ඉන්නේ සත්‍ය සොයාගෙන ජනතාවට ඒ ගැන අනාවරණය කිරීමටයි. ඒ අපේ කාර්යයක්. අපිට ලැබිල තිබෙන බලතලවලට අනුව අපි වැඩ කරන්න බැඳිලා ඉන්නවා.

Join @lankasara on Telegram Channel
Tags: විශේෂ
Previous Post

යූ.එන්.පී නුවර නුවර සංවිධායකයෝ ගුටි කෙළියක…

Next Post

මුස්ලිම් අධ්‍යාපන බලධාරීන්ගේ අන්තවාදය පාස්කු කොමිසමේ දී හෙළි වේ..

Related Posts

කළු ඉරිදා විරෝධය!

මාර්තු 7, 2021

රනිල් මෛත්‍රී ඇතුළු යහපාලනයේ ලොක්කන්ට අපරාධ චෝදනා!

පෙබරවාරි 7, 2021

එල්.ටී.ටී.ඊය පිට දාලා මැලේසියා යැව්වෙ නැතිනම් සුරේෂ් ෂලේටත් ඉන්න වෙන්නෙ හිරේ…

ඔක්තෝබර් 13, 2020

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!
  • “අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න
  • “සහල් දරාගන්න බැරි  මිලකට යාවි…. “ ගැරඬි මීයෝ කා ජීවත් වූ කොරියානුවන්ගේ  අතීතය කෘෂිකර්ම ඇමති සිහි කරයි…
  • අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ජනප්‍රිය පුවත්

  • අජිත් රෝහණට ඇතුළු SDIG තුනකට ස්ථාන මාරු ආවේ පොලිස්පතිත් නොදැන?…

    273 shares
    Share 109 Tweet 68
  • අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

    172 shares
    Share 69 Tweet 43
  • විදේශ ලේකම්ටත් ගෙදර යන්නට පාර කී ලාබ චීන සහන මල්ලේ කතාව!   

    172 shares
    Share 69 Tweet 43
  • අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

    209 shares
    Share 84 Tweet 52
  • අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

    172 shares
    Share 69 Tweet 43

Highlights

අරගලයේ විරෝධතාවය කඳුළු ගෑස් ගසා විසුරුවා හරියි…

අටලුගම දැරිය මරා අප  ජල ඇල මාර්ගයක වළ දමලා… ඇය අතුරු පාරකට හැරී ඇත්තේ ඇයි?. පොලිස් අවධානයට….

ත්‍රී රෝද සහ යතුරුපැදිවලට ඔක්ටේන් 95 නෑ… ගහන්න පුලුවන් 92 විතරයි…

අතුරුදහන් වූ  අටලුගම දැරියගේ සිරුර හමුවේ… වෙන තැනක සිට ගෙනත් දැමූවේ දැයි සැකයක්…

දින 50යි…. ගෝඨාට ගෙදර යන්නම කියමින් අරලයේ පා ගමන ඇරඹෙයි…

අරලියගහ මන්දිරයේ සිට ආ මැරයෝ ආණ්ඩුවේ රක්ෂණයේ කෝටි 100ක් ගිල්ල හැටි ෆිච් රේටින්ග්ස් කියයි!

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

අටලුගම අහිංසක දැරිය ඝාතකයන් හැකි ඉක්මනින් නීතිය ඉදිරියට ගෙනෙනවා…   ජනපති සපථ වෙයි!

by editor
මැයි 28, 2022
0

අටළුගම ප්‍රදේශයේ අහිංසක දැරිය ඝාතනය කළ...

“අප ක්‍රීඩා කළේ හැම අතින්ම දුක්ඛිත වූ මේ රටේ මිනිස්සුන්ට සිනාවක් දෙන්න“ – දිමුත් කරුණාරත්න

by editor
මැයි 28, 2022
0

තමන්  ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම මේ...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist