සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් සිසුවියක් ගැන සිතක් පහළ වී CID විමර්ශකයෙකුට ඇඳගත් දිඹුලපතාන පොලිසියේ කොස්තාපල්ට වෙච්චි දේ…

by editor
ජූලි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නොර්වුඩ් රංජිත් රාජපක්ෂ –

අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු ලෙස පෙනි සිටිමින් හැටන් ප්‍රදේශයේ පාසල් සිසුවියෙකගේ  නිවසට ගිය   කොස්තාපල් කෙනෙක් හැටන් පොලිසියේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඊයේ (30) අධිකරණයට ඉදිරිපත් කළ පසු  සැකකරු රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හැරීමට වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් එස්.පාර්තිබන්  විසින්   රුපියල් ලක්ෂ පහක ශරිර ඇප මත මුදා හරිනු ලැබුවේ හැටන් දිඹුල පතන පොලිසියේ පොලිස් කොස්තාපල් තනතුරේ    සේවය කරන ප්‍රසාන්ත් රාජ් නැමැත්තෙකි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

සැකකාර පොලිස් කොස්තාපල් ට හැටන් ප්‍රදේශයේ ප්‍රධාන දමිල පාසලක අධ්‍යාපනය ලබන සිසුවියක් කෙරෙහි  සිතක් පහළ වී තිබේ.

මෙම පුද්ගලයා සිසුවිය හමුවීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක් ලෙස පෙනී සිටිමින් මුලින්ම පසුගිය 28 දා ඇය අධ්‍යාපනය ලබන පාසලට ගොස් තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අනතුරුව තමන් ආපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු බව එම විදුහලේ විදුහල්පතිවරයාට පවසා විදුහල්පතිවරයාගේද අවසරය මත එම පාසල් සිසුවිය මුණ ගැසී ඇත

අනතුරුව මෙම දැරියට  තමන් ආපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු ලෙස හඳුන්වා දුන් සැකකාර කොස්තාපල්  විමර්ෂණයක් සඳහා   ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව දන්වා ඇත.

එබැවින් නුවරඑලිය විශේෂ විමර්ශන අංශයට පැමිණෙන ලෙසට ඇයට දැනුම් දි එහිදී එම සිසුවියට විමර්ශනය සිදු කිරීම සදහා තමන්ට ලැබි ඇති උපදෙස් සහිත දුරකථන පණිවිඩයක්ද පෙන්වා තිබේ. අනතුරුව සැකකාර පොලිස් කොස්තාපල්ගේ  දුරකථන අංකය ද ඇය වෙත ලබා දි ඇත.

හැටන් ප්‍රදේශයේ පදිංචි අදාල පාසල් සිසුවිය ඒ පිලිඳව දෙමව්පියන් වෙත දැනුම් දිමෙන් පසු  ඇයගේ පියා විසින් සැකකරු විසින් ලබාදුන් දුරකථන අංකයට ඇමතුමක් ලබා දි අදාල විමර්ශනයට අවශ්‍ය ප්‍රකාශ ලබා දීමට සැකකාර පොලිස් නිලධාරියාට නිවසට පැමිණෙන ලෙසට පවසා ඇත.

ඒ අනුව ඉකුත් (28) දින පාසල් සිසුවියගේ නිවසට පැමිණ සැකකරු පිලිබඳව සැකසිතු සිසුවියගේ දෙමව්පියන් නුවරඑලිය දිස්ත්‍රික් භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ   වෙත දුරකථනයෙන් කතා කර සැකකරු පිලිබඳව දන්වා තිබේ.

දුරකථනය එම පොලිස් නිලධාරියා වෙත ලබාදෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා දෙමව්පියන්ගෙන් කළ   ඉල්ලීමක් මත දුරකථන ඇමතුම සැකකාර පොලිස් නිලධාරියා වෙත ලබා දි ඇත.

එහිදි සැකකාර පොලිස් කොස්තාපල් අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු නොවන බව වටහාගත් නියෝජ්‍ය පොලිස්පතිවරයා දෙමව්පියන්ට පවසා ඇත්තේ හැටන් පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණෙන තෙක් සැකකාර පොලිස් නිලධාරියා රඳවාගෙන සිටින ලෙසය.

වහාම ක්‍රියාත්මක වූ නියෝජ්‍ය පොලිස්පතිවරයා සැකකරු සම්බන්ධයෙන් හැටන් පොලිසිය වෙත කළ දැනුම් දිමක් මත හැටන් පොලිසියේ නිලධාරින් එම පාසල් සිසුවියගේ නිවස වෙත ගොස් සැකකරු පසුගිය 28 දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ඇප මත මුදා හැර ඇති කොස්තාපල්  පොලිස් සේවයේ වසර පහක පමණ කාලයක් සේවයේ නියුතු , යාපනයේ මාණික්පායි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි,

ඔහු කාලයක් හැටන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචිව සිට ඇති බවට තහවුරු වු බවත්, එම පාසල් දැරිය කෙරෙහි අදහසක් ඇති වී ඇය යහලු කර ගැනිම සඳහා   අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරියෙකු වශයෙන් පෙනී  සිට පාසලට සහ ඇය පදිංචි නිවස වෙත ගිය බවත් සැකකරු ප්‍රකාශ කර  තිබේ.

හැටන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාශ්මීරය දම් පැහැයෙන් බබලවන ලැවෙන්ඩර් වගා බිම්!

Next Post

බඩගින්නේ ඉන්නව ද?. කලුවරේ ඉන්නව ද?…. දකුණට තෝරා ගැනීමක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.