ශ්‍රියානි විජේසීංහ:
පාසල් සිසුන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් තරයේ අනුගමනය කළයුතු යැයි අධ්‍යාපන හා ප්‍රවාහන අමාත්‍යවරුන් අවධාරණය කරයි.
පාසල් සිසුන් ප්‍රවාහනය කිරිමේදී අවදානය යොමුකළ යුතු කරුණු පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයේදී ඊයේ (16) පැවති කච්ඡාවේදී මෙම අදහස් පළ විය.
සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම, ආසන ගණනට පමණක් දරුවන් ප්රවාහනයකිරිම, වාහන විසබීජහරණයට ලක්කිරීම , සෑම පාසල් දරුවෙකුම මුඛ ආවරණයක් පැළද සිරීම වැනි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිබදව මෙහිදී සාකච්ඡා කර ඇත.
කොවිඩ් 19 වසංගතයෙන් දරුවන් බේරා ගැනීම සදහා දෙමාපියන් තම දරුවන්ව ආරක්ෂා කර ගැනීමට ගත හැකි සෑම කටයුත්තක්ම ගත යුතු බවට මෙම සාකච්ඡාවේදී තීරණය විය.