පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වෙමින් දැනට පවතින නඩු සම්බන්ධයෙන් විනිසුරුවරුන් සම්බන්ධ කරගෙන ප්‍රකාශ නිකුත් කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට සෘජු තර්ජනයක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අභියාචනාධිකරණයේ විනිසුරුවරයෙකුගේ සම්බන්ධව කැබිනට් අමාත්‍යවරයෙකු බදාදා (8) පාර්ලිමේන්තුවේදී සිදුකළ චෝදනාවලින් තමන් කැළඹුණු නීතිඥ සංගමය එම නිවේදනයේ සඳහන් කරයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත්කළ අතුරු කමිටුවට එරෙහිව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න විසින් නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය අභියාචනාධිකරණයේ ලබැඳියාවේ ගැටුමක් බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබිනි.
“අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යයේ මූලික මූලධර්මයක් වන බැවින් අධිකරණ ස්වාධීනත්වයට ඕනෑම ආකාරයක අනිසි ඇඟිලි ගැසීම් අතිශයින් බරපතල වන බවත්, විශේෂයෙන්ම අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය පළුදු කරනු
ලබන බවත් එබැවින් එවැනි තත්ත්වයන් හෙළා දැකිය යුතු බවත් නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.
නිදහස් සමාජයක නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම සඳහා යතුර වන්නේ ස්වාධීන අධිකරණයක් බව තමන් සැමවිටම පිළිගෙන ඇති බව නීතිඥ සංගමය වැඩිදුරටත් නිවේදනය කරයි. විනිසුරුවරුන් නිදහස් පුද්ගලයින් බවට සහතික වන බවත්, කරුණු මත පදනම්ව අපක්ෂපාතී තීරණ ගැනීමට ඔවුන්ට නිදහස ලැබෙනු ඇති බවත්, සෑම අවස්ථාවකදීම නීතිය, සහ වෙනත් මූලාශ්‍රවලින්, විශේෂයෙන්ම රජයෙන් කිසිදු බලපෑමක් හෝ මැදිහත්වීමක් නොමැතිව, නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කරන්නන් ලෙස ඔවුන්ගේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම තහවුරු විය යුතු බවත් නිතිඥ සංගමය දන්වයි.
එල්ල වී ඇති චෝදනාවල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සඳහා ස්වාධීන හා අපක්ෂපාතී පුද්ගලයින් පත් කළ යුතු බව නිතිඥ සංගමයේ අදහස වි ඇත.
,එම චෝදනා සත්‍ය බව ඔප්පු වුවහොත්, එය අධිකරණ පද්ධතියේ අවංකභාවයට හානි කිරීමට හේතුවනු ඇති බව එම සංගමය පවසයි. එමෙන් එම චෝදනා පදනම් විරහිත බව පෙනී ගියහොත් එය අපේ රටේ අධිකරණයේ ස්වාධීනත්වය සහ යුක්තිය පසිඳලීමේ ක්රමයේ අඛණ්ඩතාවට බරපතල හානියක් බවත් පෙන්වා දෙයි. .
මේ අතර, අධිකරණයට එරෙහිව කරන ඕනෑම චෝදනාවක් අසත්‍ය බව පෙනී ගියහොත් අධිකරණයට අපහාස කිරීම ඇතුළු දණ්ඩන සම්බාධක පැනවිය හැකි බව බවද නිතිඥ සංගමය කියා සිටී.