කීර්ති ප්‍රනාන්දු –
2021 පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික ගෘහස්ථ ක්‍රීඩා තරගාවලියේ ජයග්‍රහකයන් හට ජය සංකේත ප්‍රදානය කිරීම කථානායක මහින්ද යාපා අබේවර්ධන අතින් ඊයේ (9) පස්වරුවේ දී පැවැත්විණ.
මෙවර දෙවන වරට සංවිධානය කර තිබූ මෙම ක්‍රීඩා තරගාවලියේ ජය සංකේත ප්‍රධාන උත්සවය පැවැත්වූයේ පාර්ලිමේන්තුවේ බිලියට් ශාලාවේදීය.
මෙවර තරගාවලියේ ජයග්‍රාහක මන්ත්‍රීවරුන් මෙසේය.
- චෙස්, කැරම්, සහ ස්නුකර් තරඟයන්හි ශූරතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද.
- දාම් තරඟයේ ශූරතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව් .එච් .එම් .ධර්මසේන.
- මේස පන්දු තරංගයේ ශූරතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී වරුණ ලියනගේ.
මෙම තරඟයන්හි අනු ශූරයන් ලෙස:-
- දාම් තරඟයේ අනුශූරතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර.
- චෙස් සහ ස්නූකර් තරගයේ අනුශූරතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර
- කැරම් තරඟයේ අනුශූරතාවය පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර.
- මේස පන්දු තරඟයේ අනුශූරතාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගයාෂාන් නවනන්ද.







