කීර්ති ප්‍රනාන්දු –
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු නිෂ්පාදකවරයෙකු හා තිර රචකයකු වන සුනිල් සෝම පීරිස් අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යන විට 72 වියේ පසු වූ ඔහු අද (10) අලුයම සිය නිවසේ දී මියගොස් ඇත.
මෙරට සිනමාවේ වානිජ චිත්‍රපට විශාල ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කර ඇති සුනිල්සෝම පීරිස් දෙමළ හා හින්දි චිත්‍රපට අනුකරණයෙන් මෙරට ඉතා ජනප්‍රිය චිත්‍රපට රැසක් ම අධ්‍යක්ෂණය කළේය.
ඔහු විසින් අධ්‍යක්ෂණය කර ඇති චිත්‍රපට සංඛ්‍යාව 54 කි. එසේම සුනිල් සෝම පීරිස් විසින් අධ්‍යක්ෂණය කළ චිත්‍රපට රැසක් දින සියය ඉක්මවූ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට බවට පත්විය.
ඔබටයි ප්‍රියේ ආදරේ, ඔබට දිව්රා කියන්නම්, මමයි රජා, ජය අපටයි, රජ වැඩකාරයෝ, ඔහුගේ ඉතා ඉහළ ආදායම් වාර්තා තැබූ චිත්‍රපට අතර වේ.
සුනිල් සෝම පීරිස් ගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.