ලලිත් චාමින්ද –
ඉකුත් වර්ෂ 06 ක කාලය තුළදි (2014 වර්ෂයේ සිට 2019) රුපියල් මිලියන 38ක් වටිනා එළවළු බිජ පැළවිම දුර්වලවිම මත අපහරණය කිරිමට සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2020 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.
බිජ හා රෝපන ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානය විසින් සිදුකරනු ලබන බිජ නිෂ්පාදනය ,ගබඩාකිරිම, බෙදාහැරිම හා අලෙවිය සම්බන්ධයෙන් මෙකී විගණනය සිදුකොට ඇත.
එළවළු බිජ සම්බන්ධව ප්‍රමාණවත් පර්යේෂණයක් සිදුනොකිරිම, වාර්ෂිකව අවශ්‍ය බිජ ප්‍රමාණය පිළිබඳ නිවැරදි පුරෝකථනයක් සිදුකර නොතිබිම, අවශ්‍යතාවයට ගැලපෙන පරිදි බිජ නිෂ්පාදනය නොකිරීම, බිජ තොග ගබඩා කිරිමේ පටිපාටියේ ගැටලු පැවතිම යන හේතු නිසා මෙම තත්වය උදාවි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
දේශියව නිෂ්පාදනය කළහැකි එළවළු බීජ මෙන්ම අනිකුත් එළවළු බිජ විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම සිදුවන අතර 2015 වර්ෂයේ දී රුපියල් මිලියන 962.7ක එළවළු බිජ ආනයනය කොට ඇත.
2015 වර්ෂයට සාපෙක්ෂව 2019 වර්ෂයේ දි ඒ සඳහා දරා තිබූ පිරිවැය වැඩි වී තිබුණු අතර රුපියල් මිලියන 1491.6ක එළවළු බිජ ආනයනය කොට තිබුණි.







