මහනුවර නගරාශ්‍රිතව කිරිබත්කුඹුර සිට පේරාදෙණිය දක්වා අද උදෑසන සිට අධික රථවාහන තදබදයක් හටගෙන තිබේ.
පොලිස් රථවාහන කොට්ඨාශයේ ජේෂ්ඨ පොලිස් අධිකාරි චමිල රත්නායක මහතා පැවසුවේ පේරාදෙණිය සිට ගන්නොරුව දක්වා එක මංතීරුවක් පමණක් විවෘතව තිබී මීට හේතුව බවයි.
මාර්ගයේ ජලතල අලුත්වැඩියාවක් හේතුවෙන් මෙලෙස එක් මංතීරුවක් වසා දමා තිබීම ඊට හේතුවී ඇත.
කෙසේවෙතත් අද දහවල් වනවිට මෙම රථවාහන තදබදය යථාතත්වයට පත්කිරීමට හැකිවනු ඇති බවට අපේක්ෂා කෙරේ.