සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාරමිතාවක් පිරූ බෝසත් තාත්තා නිසා ජීවිත හතරකට ජීවිතය දී ජීවිතයෙන් නික්ම ගිය දොස්තර දියණිය…

by editor
නොවැම්බර් 11, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

දියණියකගේ වෙන්වීම දරාගන්නටම බැරි තාත්තා කෙනෙකුටය. එවන් සිතිවිලි මාත්‍රයක් සිතෙක උපදින විට ඒ වියෝ වේදනාව ඇට සම් මස් නහර විනිවිද යනු දැනෙන්නේ තාත්තලාටය.  තමන් මහා කම්පනයක අත්හැර   ලෙහි හොවා වැඩු තම දියණිය යළිත් නොඑන්නටම තමන්ගෙන් වෙන්ව යන්නට මොහොතකට පෙර   ඒ  දියණියගේ සිරුරේ කොටසකින්  ජීවිතයත් මරණයත් අතර පොර බදමින් සිටින තවත් කෙනෙක් ජීවත් කිරීමට ඉඩ දී සිය දියණිය අමරණීය කරන්නට තරම් මහා සිත් ඇති බෝසත් තාත්තලා සිටිති.

මේ එවැනි උත්තම තාත්තා කෙනෙක් ගැන කතාවකි.

පේරොදෙණිය විශ්වවිද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ  සචිනි ලක්ෂානි ගලප්පත්ති දියණිය පසුගිය 08 වැනිදා සරසවිය ඉදිරිපිට පදික වේදිකාව මත රිය අනතුරකින් මිය ගිය ආකාරය දැන් රටම දන්නේය. අනාගත වෛද්‍යවරියක් සේ මහා දීප්තියක් සහිත ජීවිතයක් හිමිකරගෙන සිටි ඇය අකාලයේ මිය ගිය හැටි රටම කම්පනයට පත් කළේය. මේ බෝසත් තාත්තා ඒ අකාලයේ අපෙන් වෙන්ව ගිය සචිනි ලක්ෂාණි ගේ තාත්තාය.

SACHINI
සචිනි ලක්ෂානි ගලප්පත්ති දියණිය…

සචිනි තාත්තාගේ ලොකු දුවය. මහා දීප්තියක් සහිත අනාගතයක පෙර ලකුණු කී  ලොකු කෙල්ල අකාලේ මිය යෑම තාත්තා කෙනෙකුට තමන්ගේ මරණය හා සමානය.   එවන්    වේදනාකාරී වෙන්වීමක් මතු උපදින ආත්මයක අත් නො විඳින්නට, මෙවන්   අකල් මරණයක් යළිත් ඇයට නොවන්නට ඒ බෝසත් තාත්තා පාරමිතාවක් පිරුවේය. හදිසි අනතුරකින් මිය ලොකු කෙල්ලගේ අවයව ආධාරයෙන් තවත් ජීවිත රැක ගන්නට හැකි නම්      වෙනුවෙන් ඒ තාත්තා සිය අවසරය ලබා දුන්නේය.

ඒ තාත්තා නමින් සනත් ගලප්පත්තිය. තංගල්ල පල්ලික්කුඩාව මාලිගාතැන්න පදිංචි වී ඉන්නේය. සිය දියණියට    සිදුවූ අනතුරෙන්  ඇය මොළේ  මියගිය රෝගියෙක් ලෙස මහනුවර ජාතික රෝහලේ ස්නායු ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර  ගනිමින් සිටින අයුරුත්  පැයෙන් පැය ඇයගේ සිරුරේ සියලු ඉන්ද්‍රියන් අක්‍රිය වන අයුරුත් ඒ තාත්තා බලාගෙන සිටියේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තවත් නම් ඇයව ජීවත් කළ නොහැකි බව ඒ තාත්තා තේරුම් ගත්තේය . ඔහු    වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටියේ දියණියගේ අවයව ජීවත්වීමට අවයව සොයා යන ඕනෑම රෝගියකුට බද්ධ කර දෙන ලෙසය.

තාත්තා ගේ ඒ කතාව මෙසේයි…

“” මේ හදිසි අනතුරට ලක් වුණේ මගේ ලොකු දුව. එයාට වයස අවුරුදු 23 යි. දුව දන්ත වෛද්‍ය පීඨයේ පළමු වසරේ ඉගෙනුම ලැබූ වා. ඇය අධ්‍යාපනය ලැබුවේ ගල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයෙන් සහ තංගල්ල බාලිකාවෙන්. එදා ඇය දන්ත පීඨයේ සිට නේවාසිකාගාරයට යන අතර මගයි සිට ඇත්තේ. පදිකවේදිකාවේ යන අතර කාර් රථයක් පදිකවේදිකාව මතක ම පැමිණ ඇය හප්පාගෙන ගොස් තිබුණා. ඒ රියදුරාට නින්ද ගිහින් තිබූ නිසා.

අපට විශ්වවිද්‍යාලයෙන් කතා කරලා පණිවිඩය කිව්වා. අපි නුවර එනකොට පේරාදෙණිය රෝහලේ ඉඳලා දියණියව මහනුවර රෝහලට මාරු කර යවා තිබුණා.

දැඩි සත්කාර ඒකකයේ වෛද්‍යවරුන්ගෙන් මම නිතර දුව ගැන කරුණු විමසුවා ඔවුන් කියා සිටියේ කෙසේ හෝ දියණියගේ ජීවිතය බේරාගන්න උත්සහ කරමින් සිටින බවයි. නමුත් මට පැහැදිලිව පෙනුණා ඇය දිනෙන් දින දුර්වල වෙමින් අප අතහැර යෑමට සැරසෙන වග..

මම නැවතත් වෛද්‍යවරුන්ට කතා කළා. මම කිව්වා දියණිය ජීවත් කරන්න අපහසු නම් ඇයගේ අවයව සියල්ල ජීවත් වෙන්න බලාගෙන සිටින මිනිසුන් වෙත පරිත්‍යාග කළ හැකි නේද කියා… ඒ මොහොත ටත් වෛද්‍යවරු මා සමග කියා සිටියේ අපි හැකි තරම් ඇයව ජීවත් කිරීමට උත්සාහ ගන්නා බවත් අවයව ලබා දීමට නම් එය තාත්තාගේ අම්මාගේ කැමැත්ත මත සිදුවිය යුතු බවයි.“

“මේ අතරතුර වෛද්‍යවරු දියණිය මොළේ  මියගිය රෝගියෙකු බවට සනාථ කර තිබුණා.. මට උවමනා උනා ඇය මිය ගියත් ඇයගේ අවයව කාගේ හෝ ජීවිතයක් ජීවත් කරන්න උදව් කරන තත්ත්වයට පත් කරන්න.  වෛද්‍යවරුන්ට මා ඒ ඉල්ලීම කළා. “

“ඒ අනුව වෛද්‍යවරු දියණියගේ හදවත පෙනහලු අක්මාව වකුගඩු ඇස් තවත් රෝගීන් වෙත බද්ධ කරන්නට හැකි තත්වයන් පිළිබඳ අවධානය යොමු කළා“

“අවයව බද්ධ කිරීමේ ඒකක වෛද්‍යවරු නිලධාරීන් හෙදියන් සියලු දෙනාම ඒ සඳහා උත්සාහයක් ගත්තා. නමුත් දියණියගේ රුධිර පීඩනය දිනෙන් දින අයහපත් බවට හැරෙන බැවින් හදවත සහ අක්මාව ගන්නට හැකියාවක් නැති බව ඔවුන් මට දැන්නුවා.“

“වකුගඩු දෙක සහ ඇස්   රෝගීන් වෙත බද්ධ කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මහනුවර රෝහලින් සිදු කළා.“

“එයත් මට සැනසීමක්.“

“මොකද මට ඇත්තටම උවමනා උනේ මගේ දියණිය ගේ අවයව කාගෙ හරි ජීවිත ජීවත් කරනවා බලන්න. අද එය ඉෂ්ට වෙලා තියෙනවා. “

අකල් මරණයකට ගොදුරු වූ ඇයගේ වකුගඩු වයස අවුරුදු හතළිස් හතක් වන මාතලේ පදිංචි කාන්තාවකටත් වයස අවුරුදු විසි හතක් වන රත්නපුරේ පදිංචි පුද්ගලයකුට ක් ඊයේ 10 දිනය තුළ දී බද්ධ කළ බව මහනුවර රෝහලේ අවයව බද්ධ කිරීමේ ඒකකයේ හෙද නිලධාරීන් වන අනුර රත්නායක සහ ආර් එම් ජයවර්ධන   ප්‍රකාශ කළහ.

මහනුවර ජාතික රෝහලේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය විශේෂඥ වෛද්‍ය චාරිත ප්‍රනාන්දු    විසින් ශල්‍ය කර්ම සිදුකොට ඇත.

සචිනි ලක්ෂානි ගලප්පත්ති දියණියගේ අවසන් කටයුතු අද හවස තුනට තංගල්ල මාලිගාතැන්න සුසාන භූමියේදී සිදු කරෙන්නේය. ඒ තව ස්වල්ප වෙලාවකිනි. මේ සටහන තබන්නේ ඊට මොහොතකට පෙරය. ඇය මිය ගියත් නොමළ දියණියක් බව ලියා තැබිය යුතුය. ජීවත්ව සිටියානම් ඇය අතින් සිදුවනු ඇත්තේ වෛද්‍යවරියක් ලෙස මිනිසුන් ජීවත් කරවීමය. ඇය මියගොස් ඇත්තේත් තවත් ජිවිත හතරක් ජීවත් කරවමිනි.

තුනුරුවන් සරණයි පුතේ… උඹට නිර්වාණය හරිම ලඟයි….

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රටේ නීති අමු අමුවේ කඩා අධිකරණ අමාත්‍යාංශය ගොඩනැගිල්ලක් කෝටි 07කට කුලියට අරන්…

Next Post

අල්ඛයිඩා ත්‍රස්තයින්ට මූල්‍ය ආධාර සැපයූ ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකුගේ වත්කම් එක්සත් ජනපදය රාජසන්තක කරයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.