ලලිත් චාමින්ද –
පදිංචියට සුදුසු පරිදි ඉදකිරීම් සිදුකර නොතිබීම නිසා රජයේ තක්සේරුව ලබාදි නොතිබු මහල් 11කින් යුත් ගොඩනැගිල්ලක් මාස තුනක කුලී අත්තිකාරම, ආරක්ෂිත තැන්පතු, හා මාසික කුලිය වශයෙන් රුපියල් හත්කෝටි, හැත්තෑ අට ලක්ෂ එක් දහස් එකසියයක (77,801,100) මුදලක් ගෙවා කුලී පදනම මත අධිකරණ අමාත්‍යංශය විසින් ලබාගෙන ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
එමෙන්ම දෙවන ගොඩනැගිල්ලේ බිම් මහලේ වර්ග අඩි 4158ක්ද, පළමු මහලේ වර්ග අඩි 8,477ක ප්‍රමාණයක්, කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොතිබියදි ඉකුත් වර්ෂය සඳහා (2021) රුපියල් දෙකෝටි දහ අටලක්ෂ දාසය දහස් දෙසිය දහයක (21,816,210) මුදලක් කුලී වශයෙන් ගෙවා තිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම බිම්මහලේ වර්ග අඩි 4158ක සහ පළමු මහලේ වර්ග අඩි 12530ක අභ්‍යයන්තර පිරිසැකසුම් කටයුතු සදහා රුපියල් එක්කෝටි දශලක්ෂ ,හැටහත්දහස් හත්සිය තිස් දෙකක මුදලක් (11,067,732) වැයකොට තිබුණි.
අධිකරණ අමාත්‍යංශය නව පරිශ්‍රයක ස්ථාපිත කිරීම සඳහා කුලී පදනම මත බාහිර පාර්ශවකරුවකුගෙන් මෙකී ගොඩනැගිල්ල ලබාගෙන තිබුණි.
මෙකී ගොඩනැගිල්ල වසර 15කට පමණ පෙර ඉදිකිරීම් කටයුතු අතරමග අතහැර දමා භාවිතයට ගෙන නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
එහෙත් ගොඩනැගිල්ලේ වර්ග අඩියට පළමු වර්ෂය සඳහා රුපියල් 130ක් හා ඉන්පසු සෑම වර්ෂයකටම සියයට පහක වැඩිවීමක් සහිතව ගෙවීමට ගිවිසගෙන තිබුණි.
එමෙන්ම මෙකී ගොඩනැගිලවල අදාල අනුමත ගොඩනැගිලි සැලසුම් කොළඹ මහනගර සභාවෙන් නිකුත් කරන පදිංචියට හා භාවිතයට සුදුසු බව තහවුරුකිරිමේ සහතිකය ද ලබාගෙන නොතිබු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ගොඩනැගිල්ලේ හි තත්වය හා යෝග්‍යතාවය පිළිබද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතියද ලබාගෙන නොතිබු බව විගණන වාර්තාවේ සදහන් වේ.
අධිකරණ අමාත්‍යාංශය සම්බන්ධව 2021 වර්ෂයට අදාලව මෙම විගණනය සිදුකර තිබිණි.