සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 පාපන්දු සම්මේලනයෙන්  නාමල්ගේ  මාමණ්ඩිට දුන්නු මිලියන 170ට මොකද වුණේ? හේෂා පාර්ලිමේන්තුවේදී අසයි

පාපන්දු සභාපති, කෝප් කමිටුවෙන් කිසිදු ක්‍රීඩා නිලයකට නුසුදුසු බවට නිර්දේශ කළ කෙනෙක් !

by Lanka Sara Editor
නොවැම්බර් 26, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

 

කිසිදු ක්‍රිඩා සංගමයක නිලතල දැරීමට සුදුසු නොවන බවට පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව පවා නිර්දේශ කළ  පුද්ගලයකු  වන  ශ්‍රි ලංකා පාපන්දු සම්මේලනයේ සභාපතිවරයාට හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ සේවා දිගුවක් ලබා දී ඇති බවත් ඔහු ඩොලරයට සාපෙක්ෂව රුපියලේ අගය පා කිරීමට තීරණය කිරීමට දින දෙකකට පෙර රුපියල් කෝටි 7ක් පමණ පාඩු කරමින් ඩොලර් ලක්ෂ 7ක් කිසිදු අනුමැතියකින් තොරව සංගම් ගිණුමෙන් ලබාගෙන ඇති බවත්  සමගි ජනබලවේග රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඩොලරයේ අගය ට සාපේකෂව රුපියලේ අගය නිදහස් කරන බව දින දෙකකට පෙර මේ සභාපතිවයා දැනගත්තේ කෙසේද යන්න පිළිබඳව අද පාර්ලිමේන්තු සැසියේදී ප්‍රශ්න කළ මන්ත්‍රිවරයා ඇමතිවරු බලධාරීන් සහ නිලධාරීන් එක්ව සොරකම් කරන බවට එය හොඳ උදාහරණයක් බවද සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ හේෂා විතානගේ මන්ත්‍රිවරයා  පසුගිය වසරේ නොවැම්බර් මාසසේ පැවති සිව්කොන් පාපන්දු තරගාවලියක් වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතාගේ මාමණ්ඩියට අයත් සමාගමට සංගමයේ මුදල්වලින් රුපියල් මිලියන 170ක්  ගෙවා ඇති අතර එම මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව අදටද කිසිවකු නොදන්නා බවද ප්‍රකාශ කළේය. ලෝක  පාපන්දු සම්මේලනයේ ලේකම්වරයාව සිටි  ජස්වර් නැමති මෙම සභාපතිවරයා නිලවරණයෙන් පත්ව ඇතත් ඔහුගේ නිල කාලය අවසන් වූ විට ඔහු සම්බන්ධයෙන් චෝදනා පවතින බව දැන දැනත් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සේවා දිගුවක් ලබා දී ඇති අතර එය දෙවන වරටත් දීර්ඝ කර ඇති බවද පෙන්වා දුන්නේය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

“ මේ දවස්වල ලෝක පාපාන්දු ශූරතාව පැවැත්වෙනවා. අපේ රට ලෝක  ශ්‍රේණිගත කිරීම්වල ඉන්නේ 207වැනි තැන. අපට වඩා පහළින් ඉන්නේ ලෝකයේ ලක්ෂයක්වත් ජනගහණයක් නැති කුඩා රටවල් ටිකක්. අපේ පාන්දු දියුණුවට‍ කර තිබෙන්නේ කුමක්ද? සිදුවුණේ ලෝක පාපන්දු සම්මේලනයෙන් දෙන දැවැන්ත මුදල විනාශ වීම පමණයි.

මෙම සභාපතිවරයා ට කිසිදු ක්‍රිඩා සංගමයක නිලයක් දැරිය නොහැකි බවට කෝප් කමිටුව පවා නිර්දේශ කර තිබෙනවා. ඒ වගේම වංචා කල පුද්ගලයකු බව පොලිස් විමර්ශණවලදීත් තහවුරු වී තිබෙනවා. “ යයිද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පෙට්‍රල් ෂෙඩ් එකක් දෙනවා කියා කැලණියේ හිමි නමකගේ ලක්ෂ 470කට විද්ද 71 හැවිරිදි උපාසිකාවක් අත්අඩංගුවට !

Next Post

රෝහිණී ගුරු ඇඳුමට දීමනාවක් ඉල්ලයි – ඇමති සුසිල් වෙන ගැටයක් ගහයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.