බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලය හා දීග කන පොලිස් නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ගේ වත්කම් සහ ගිණුම් පරීක්ෂාව සඳහා බුද්ධි මෙහෙයුමක් ඇරඹෙයි!

by editor
අප්‍රේල් 3, 2024
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

විදෙස්ගතව සිටිමින්   සහ රටේ බන්ධනාගාරය තුළ රැඳෙමින් රට තුල මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුලු පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වන බවට චෝදනා ලද පොලිස් නිලධාරින් හඳුනා ගැනීමටත්, ඔවුනගේ වත්කම් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමටත්  නියමිත බව  වාර්තා වේ.

විමර්ශනයේ කොටසක් ලෙස සැකකාර නිලධාරීන්ගේ දේපොල සහ වත්කම් පිළිබඳව හා   ඔවුන්ගේ ආදායම් මාර්ග පිළිබඳ  සොයා බැලීමටත් ඔවුන්ගේ බැංකු ගිණුම් පරික්ෂාවට ලක් කිරීමටත්   කටයුතු කරනු ඇත.

දූෂිතයන් සෙවීම සඳහා  පොලිස් නිලධාරීන්  මාර්ගයෙන් සහ එම ප්‍රදේශවල මහජන හා ආරක්ෂක කමිටු  මගින් තොරතුරු සෙවීම සඳහා දැනටමත්  බුද්ධි අංශ නිලධාරීන් යොදවා රහසිගත පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද  මේ සම්බන්ධව වාර්තාවක් සපයන ඩේලි මිරර් දක්වයි.

ඇතැම් නිලධාරීන් වරප්‍රසාද සහ අල්ලස් වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ලබාගෙන තම තනතුරුවල බලය අවභාවිතා කරමින්  අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පවත්වන බවට පොලිසියට තොරතුරු ලැබී තිබීම මත පදනම්ව මෙම විමර්ශන ආරම්භ කර ඇත.

පසුගියදා සිදුවූ සිද්ධියකදී පාතාල කල්ලියක් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ඔවුන්ගෙන් මාසිකව මුදල් ලබාගත් බවට චෝදනා එල්ල වූ අගලවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට පොලිස්පතිවරයා කටයුතු කර තිබිණි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මෙම නිලධාරියා ඩුබායි සිට ක්‍රියාත්මක වන බව කියන ‘කුඩු අංජු’ සහ ‘ඇල්ටෝ ධර්මේ’ යන පාතාල නායකයන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට පොලිස් මූලස්ථානයට තොරතුරු ලැබී තිබිණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය (SIU) ඔහුට එරෙහිව පරීක්ෂණ ආරම්භ කර ඇත.

සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් බස්නාහිර සහ දකුණු පළාත් කෙරෙහි විශේෂ අවධානයකින් මෙම විමර්ශන ක්‍රියාත්මක බව ද විමර්ශන වාර්තා උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මහ මග කුණු දමන්නට එපා කී කම්කරු සේවකයාට  කන පැලෙන්න ගැසූ මහ නුවර  හිටපු නාගරික මන්ත්‍රී ගුඩ්ඩා කූඩුවේ! කම්කරු සේවකයා රෝහලේ…

Next Post

 සජබයේ තනතුරුවලින් ෆොන්සේකා නෙරපීම වළක්වන වාරණයට එරෙහි ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම අද!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.