බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 සජබයේ තනතුරුවලින් ෆොන්සේකා නෙරපීම වළක්වන වාරණයට එරෙහි ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම අද!

by editor
අප්‍රේල් 3, 2024
in පුවත්
Sarath Fonseka
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන්, කැලණිය සංවිධායක ධුරයෙන් සහ පක්ෂ සාමාජිකත්වයෙන් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නෙරපීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් කොළඹ දිසාධිකරණය ලබා දුන් වාරණ නියෝගය විසුරුවා හරින ලෙස ඉල්ලා එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු පිරිසක් විසින් ගොනු කර ඇති ප්‍රතිශෝධන පෙත්සමක් අද (03) සලකා බැලීමට අභියාචනාධිකරණය ඊයේ (02) තීරණය කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ඩී.එම්. සමරකෝන් හමුවේ මෙම පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේදී මේ බව තීරණය කරන ලදී.

එහිදී පෙත්සම්කාර සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා වෙනත් නඩු කටයුත්තකට සහභාගි වී සිටින බැවින් පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි කනිෂ්ඨ නීතිඥ සඳුන් ගමගේ ඉල්ලා සිටියේය.

එහිදී වගඋත්තරකාර සරත් ෆොන්සේකා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සහීඩා භාරී සඳහන් කළේ මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා වන අයිතියක් තබා ගන්නා බවය.

හිටපු හමුදාපති දයා රත්නායක සමගි ජන බලවේගයට එක්වීම සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා පළ කළ අදහස් පදනම් කරගෙන ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට සමගි ජන බලවේගය විසින් සූදානම් වන බවට පසුගිය කාලයේ මාධ්‍යවලින් තොරතුරු පළවී තිබුණි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එවැනි ආකාරයෙන් අසාධාරණ ලෙස තමාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම, තනතුරු අත්හිටුවීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් සිය පක්ෂ සාමාජිකත්වය සහ සමගි ජන බලවේගය තුළ දරන තනතුරු අත්හිටුවීම සිදු කරන ලෙස ඉල්ලා සරත් ෆොන්සේකා  කොළඹ දිසාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන වාරණ නියෝගයක් නිකුත් කළේය.

සමගි ජන බලවේගයේ සභාපති ධුරයෙන්, කැලණිය සංවිධායක ධුරය සහ ඔහු පක්ෂ සාමාජිකත්වයෙන් ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා නෙරපීම සහ ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලමින් එම වාරණ නියෝගය නිකුත් කරන ලදි.

අනතුරුව එම වාරණ නියෝගය විසුරුවා හරින ලෙස වගඋත්තරකාර සජිත් ප්‍රේමදාස රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු පිරිසක් විසින් දිසා අධිකරණයෙන් ඉල්ලීමක් කරන ලද අතර එම ඉල්ලීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඊට එරෙහිව මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර ඇත.  දිනමිණ

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාතාලය හා දීග කන පොලිස් නිලධාරීන් හඳුනාගෙන ඔවුන්ගේ වත්කම් සහ ගිණුම් පරීක්ෂාව සඳහා බුද්ධි මෙහෙයුමක් ඇරඹෙයි!

Next Post

දේශබන්දුගේ FR කේස් එකක නඩු ගොනුව සේප්පුවේ රඳවා තබන්නට අධිකරණ නියෝගයක්!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.