පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බස්නිහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරද්දී සිදුවූ සිදුවීමක් සම්බන්ධව මෑතකදී එස්. තුරෙයිරාජා ප්‍රමුඛ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශිත නඩු තින්දුවට අදාල මූලික අයිතිවාසිකම් පෙත්සමක නඩු ගොනුව සේප්පුවේ රඳවා තබන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ ඊයේ (02) ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාවරයාට නියෝග කළේය.
එසේම අධිකරණය විසින් නියම කරන ලද අවස්ථාවක එම නඩු ගොනුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද එම නියෝගයේ සඳහන් විය.
දේශබන්දු තෙන්නකෝන් වැඩබලන පොලිස්පති ලෙස පත්කිරීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාගය ඊයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ගාමිණී අමරසේකර, ඒ.එච්.එම්.ඩී. නවාස් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය ලබා දී තිබිණි.
එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා ලෙස පත් කිරිමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් හතක විභාග කටයුතු ඊයේ (02) අවසන් කිරීමට තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය තවත් පෙත්සම් 09ක් කරුණු තහවුරු කිරීම සඳහා ජූනි මස 19 වැනිදා කැඳවීමටත් නියෝග කළේය.
දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීම සම්බන්ධව ගෙනුකර ඇති පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යෑමට අදහස් නොකරන බව පෙත්සම්කාර පාර්ශවය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය ඒ අනුව ඊට අදාළ පෙත්සම් විභාග හයක කටයුතු අවසන් කිරීමට තීරණය කළේය.
තවත් පෙත්සම් 09ක් ලබන 19 වැනිදා කැඳවීමට ද නියෝග කළේය.