බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලයින් වගේම වෙන්ට පාතාලයින් ද කියවිය යුතු කතාවක්… සොබා දහමේ දඬුවම් බිහිසුණු බව කියා දෙමින් අපා දුක් විඳ මිය ගිය “කුඩු තමිල්”….

by editor
ජූලි 6, 2025
in පුවත්
නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර නොහොත් දෙවුන්දර කුඩු තමිල්

නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර නොහොත් දෙවුන්දර කුඩු තමිල්

Share on FacebookShare on Twitter

පාතාල අපරාධකාරයින්ට වෙන දේ ඇස් ඉදිරිපිට දිස් වෙමින් ඇත. එක්කෝ අකාලයේ වෙඩි කා මැරෙන්නේය. ජිවිතය අල්ලාගෙන හිටියොත් අපා දුක් විඳ මෙලොවදීම නිරයේ වේදනා අත් දකිමින් මිය යන්නේය.

උපන් රටට පය ගහන්නට බැරිව පිට රටවල්වල හිඟන්නන්සේ රැඳෙමින් දුරකථන ඇමතුම් හරහා කරන මිනී මැරුම් බිය වැද්දීම් සහ කප්පම් ගැනීම් මට්ටමට පතාලය විතැන් වී තිබේ. බන්ධනාගාරයේ කූඩුවක සිට කල්දේරම් බත් කන ගමන් එළියේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරමින් කුලියට මිනී මරමින් උපයන මිලියන ගණන් මුදල් පුද්ගලිකව ප්‍රයෝජන රහිත මානසික ආතල් එකක් සඳහා කරන වියරුවක් බවට පත්වන ආකාරය අපි ඕනෑ තරම් අත්විඳ ඇත්තෙමු.

ඕල්කට් සහ ජිබෝයිට පසු බොරැල්ල හොල්ලාගෙන සිටි මහා පරිමාණ කුඩු ජවාරම්කාර වනාතේ බිම්සර පසුගිය දා බූස්සේ සිය සිර මැදිරිය තුළ ගෙල වැල ලාගෙන මිය යන්නේය. අපරාධකරුවෙකුට  සිය දිවි නසා ගන්නට තරම් ඇතිවන මානසික පීඩනය අපායේ ගින්නක් වැනිය.  ටොන් ගණන්වලින් ලංකාවට කුඩු ගෙනැවිත් දේශපාලනය සහ පොලිසියේ හයියෙන් හතර අතේ ගේම් ගසාගෙන නොමැරී සිටි නාරාතොට හේවගේ තමිල් අජිත් කුමාර නොහොත් දෙවුන්දර කුඩු තමිල් සිකුරාදා (04) උදෑසන පිළිකා රෝගයකින් අන්ත දුක් විඳිමින් සිට මිය යන්නේය. මරණය උන්ට වෙනත් මිනිස්සුන්ට වඩා වේදනාකාරීය.

කවුද මේ දෙවුන්දර කුඩු තමිල්

මීට අවුරුදු 25කට පමණ පෙර මත්කුඩු ව්‍යාපාරයේ මහාපාරිමාණ ජාවාරමෙක් ලෙස එළියට එන පුද්ගලයෙකි. එම වකවානුවේ සිදුවූ මිනී මැරුම්වල   චූදිතයෙකි.

තමිල් සෑහෙන කාලයක් ජීවිතය අල්ලාගෙන සිටියේය. තමිල්ට පෙර මෙසේ කාලයක් ජීවත් වූ පාතාල නායකයා නාවල නිහාල්ය. නාවල නිහාල් මුල් පාතාල කණ්ඩායමේ සිටි පරණම එකාය. පාතාලය පෝෂණය කරමින් තමන් යටතේ හදා වඩාගත් කාලකණ්ණියෙකි. නිහාල් හිටියේ රජගෙදර පරවියා වගේය. මචං කියා කතා කරන මැති ඇමතිවරුන් ගණනාවක් නිහාල්ගේ මිතුරු සංසදයේ උන්නේය. මුල් වකවානුවේ දී රටටම මත්කුඩු පෙව්වත් ඌ මත්ද්‍රව්‍ය පානය කළේ නැත. එහෙත් ජීවිතයේ අවසන් කාලයේ ඔහු මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී උන්නේය. කළ පවු කර්මය ලෙස පඩිසන් දෙන්නේ මහා චිත්තාවේගයන් සමගිනි. ඉන් බේරෙන්නට කුඩු ගැසූ නිහාල් 2004 වසරේ අතුරුදහන් වන්නේ අලුත්කඩේ උසාවියේ නඩුවකට ගොස් නැවත යන අතරය. ඔහු අපා දුක් විඳ මිය යන්නට ඇතැයි සිතෙන කතන්තර ඇසෙමින් ඇත.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

තමිල් රටට කුඩු ගෙනාවේය. මහා පරිමාණයෙන්ම ගෙනාවේය. රටේ සිට වෙනත් රටවලටත් කුඩු විකුණුවේය. අඩුම තරමින් මාසයකට කිලෝ 500කට එහා මත්ද්‍රව්‍ය බෝට්ටුවලින් ගෙන එන ජාවාරම ඒ දවස්වල තිබුණේ තමිල් අතේය. තමිල් වටේ එවකට   ප්‍රබල දේශපාලකයෝ සිටියහ. සමහරු ගැන නම් වශයෙනුත් කියැවුනේය.  පොලිසියේ මහඋන්ද  උන්හ. නාකොටික් එකේ සිටියේත් තමිල්ගේ මිතුරන්ය. ටොන් ගණන්වලින් රටට කුඩු ගේන්නට ඔහුට ගේමක් තිබුණේම නැත. අවුරුද්දකට අඩුම තරමින් ටොන් හතරක් පහක් ඔහු ලංකාවට ගෙනාවේය.

අපි කතා කරන්නේ මධුෂ්ලා ගැනය. තමිල් එක්ක බලනකොට මධුෂ්ලා මොන්ටිසෝරි සයිස්ය. මධුෂ් හැදුනේත් තමිල්ගේ සෙවනේය. ආරවුලක් නැතිව ගේම ගසාගෙන හිටි තමිල් ලෝකය දැක්කේ ප්‍රකෝටිපතියෙක් ලෙසය. ගමන් බිමන් යන්න හැමර් දෙකකි. බහුදින යාත්‍රා 10කට වඩා ඔහු සතුව තිබුණේය. නිමක් නැති වත්කම්ය. මේ අතර තමන්ගේ විරුද්ධවාදීන්ට ද ඔහු ඔලුව උස්සන්න දුන්නේ නැත.

ලංකාව මුල් කරගත් ජාත්‍යාන්තර මත්කුඩු ජාවාරම

වර්ෂ 2103 දී රාජ්‍ය තාන්ත්‍රික පාස්පෝට් එකක් සහිතව ලංකාවට පැමිණ රටින් පිටවී යෑමට සූදානම් වී සිටි ලයිබීරියානු ජාතිකයෙක් පිළිබඳ ඇති වූ සැකයක් හේතුවෙන් කටුනායක ගුවන්තොටුපලේ දී ඔහුගේ ගමන් මළු දැඩි පරීක්ෂාවකට ලක් කරන්නේය. ගමන් මල්ලක තිබී හෙරොයින් කිලෝ 30ක් හමුවන්නේ රේගු නිලධාරීන් ද මවිතයට පත් කරමිනි.

ලංකාවෙන් ලෝකයට කුඩු බෙදා හැරෙන බව සනාථවන ආකාරයේ සිද්ධියක් මුල් වරට සනාථ වන්නේ මේ අවස්ථාවේ දී ය. මින් පෙර මෙපමණ කුඩු තොගයක් රටින් එළියට ගිය අවස්ථාවක් වාර්තා වූයේ නැත.

සිද්ධිය පිළිබඳ දීර්ඝ විමර්ශනයක් ආරම්භ කරනු ලැබුවේය. මෙහිදී වසන්ත මෙන්ඩිස් නැමැති පුද්ගලයෙකු අනාවරණය වන්නේය. කවුරුත් ඔහුව දැනගෙන සිටියේ මොරටුවේ සේල් වසන්ත කියාය. එවකට ගාල්ලේ ෆුඩ් සිටියත් තිබුණ විශාලම ගොඩනැගිල්ල අයත්ව තිබුණේ සේල් වසන්තටය. සේල් වසන්ත ගැන හොයනවිට ඔහු රටින් පැන්නේය. අන්තිමට විමර්ශනය කෙළවර වන්නේ දෙවුන්දර තමිල් ලඟිනි. මෙන්ඩිස් අල්ලාගෙන මේ ජවාරම සිදුකර තිබුණේ දෙවුන්තර තමිල් බව විමර්ශන අංශ සොයා ගත්තේය.

රටින් පැන්න තමිල් අත් අඩංගුවට

වර්ෂ 2013 දී සිදුවන මිනීමැරුමක් සමග තමිල් ලංකාවෙන් පැන සිංගප්පූරුවට යන්නේය. ඒ හොර පාස්පෝට් එකක් හදාගෙනය. යළිත් 2014 පෙබරවාරි මස 08 වෙනිදා එම පාස්පෝට් එක භාවිතයෙන්ම ලංකාවට පනින්නට හදන තමිල් කටුනායක ගුවන්තොටුපලේ දී අත් අඩංගුවට ගන්නේය. අත් අඩංගුවට ගත් තමිල්ට සම්බන්ධ මිනී මැරුම් නඩු විභාග වෙමින් තිබුණේය. එම මිනීමැරුම්වලට වරදකරු වූ ඔහු ජීවිතාන්තය දක්වා හිර දඬුවමට ලක් වූයේය.

හිරේ හිටියත් තමිල් සිය සම්බන්ධතා හරහා සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම නවත්වා තිබුණේ නැත. 2023දි දකුණු මුහුදේ බහුදින ධීවර යාත්‍රාවක් සමග මත්කුඩු කිලෝ 212ක් අත් අඩංගුවට ගත්තේය. තොරතුරු හොයාගෙන යනවිට මේ මත්ද්‍රව්‍ය ජාවාරමේ අවසන් පුරුක තමිල්ය.

මිනීමැරුම් නඩුවෙන් නියම වුන මරණීය දණ්ඩන තීන්දුවට එරෙහිව ඔහු අභියාචනා අධිකරණයට ඇපෑලක් ගොනු කර තිබිණි. එම මිනී මැරීමේ වරදට අභියානාධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කළේය. කෙසේ වෙතත් ඔහු තවත් නඩුවක් සම්බන්ධයෙන් යළිත් සිරගතව සිටියේය.

මොළයේ පිළිකාවක්.

පසුගිය 04 වැනිදා දෙවුන්දර තමිල් මොළයේ පිළිකාවක් හේතුවෙන් මිය ගොස් ඇති බව බන්ධනාගාර ආරංචි කීවේය. තමිල් මිය යන්නේ කරාපිටිය රෝහලේ දී ය.

ඔහු බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටිය දී හදිසියේ ඇති වූ ධරුණ  අසනීපයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි. ඔහුට පිළිකාවක් වැළඳී තිබුණු බව අනාවරණය විය.

ඇපෑලකින් මරණීය දණ්ඩනයෙන් බේරුණත් සොබා දහමේ දණ්ඩනයෙන් කිසිවෙකුට ගැලවෙන්නට ලැබෙන්නේ නැත. මේ පාතාලයා බන්ධනාගාරය තුළ සිර දඬුවමකට ලක්ව සිටිය දී මිය යන්නේ අන්ත දුක් විඳීමෙන් අනතුරුවය. පිළිකාව මුලින් ඔහුගේ ගුද මාර්ගයේ වර්ධනය වී පසුව කොඳු ඇට පෙළ හරහා මොළයට පැතිර ගොස් තිබිණි.

උපයා ගත් බිලියන ගණනක වත්කම් භාවිතා කිරීමට නොහැකව, මුළු සිරුරම අභ්‍යන්තරයෙන් කුණු වී යමින් සිටිය දී අපා දුක් විඳිමින් මිය ගිය කුඩු තමිල්ගේ ජීවිත කතාව පාතාලයන් සහ “වෙන්ට පාතායන්” කියවා තිබීම වැදගත්ය. පාදඩ වැඩ කර ජීවිතය ජයගත්ත එකෙක් ලොවෙත් නැත. ලොවි ගහෙත් නැත. පරපීඩක මනෝ ලෝකයක් තුළ හුදකලා ස්වයං වින්දනයක යෙදෙන මේ සියලුම පාතාලයින්ගේ ජීවිත අවසානයේ දී නිමා වන්නේ බල්ලන් බළලුන්ට තරම්වත් ගෞරවයක් නොලබන කුණු කානු පල්ලෙන් බව ලියා තැබිය යුතුය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වනිඳු ලෝක වාර්තාවක් තියයි…

Next Post

බන්ධනාගාර දෙපාර්තමේන්තුවට අයත් මාංචු කුට්ටමක් සමග අත් අඩංගුවට ගත් පොලිස් සැරයන් මාංචු කුට්ටම ලැබුන හැටි කියන්නේ නැතිලු!

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.