එක්දින ජාත්‍යන්තර (එක්දින) ඉතිහාසයේ කඩුලු 100 සහ ලකුණු 1000 අඩුම තරග ප්‍රමාණයකින් සම්පූර්ණ කළ ක්‍රීඩකයා බවට වනිඳු හසරංග ඊයේ (05) ලෝක වාර්තාවක් තැබුවේය.
බංග්ලාදේශයට එරෙහිව ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති දෙවන එක්දින තරගයේදී මෙම වාර්තාව තබන වනිඳු එම ඉලක්කය වෙත ලඟා වන්නේ එක්දින තරග 65 ක් තුළ දී ය.
මෙතෙක් එම වාර්තාව හිමි කරගෙන සිටියේ තරග 68 කදී කඩුළු 100ක් සහ ලකුණු 1000ක් ලබා ගත් හිටපු දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ෂෝන් පොලොක් ය. වනිඳු විසින් පොලොක්ගේ වාර්තාව බිඳ දැම්මේය.
එක්දින ඉතිහාසයේ කඩුලු 100–1000 සුවිශේෂී සමාජයට ඇතුළු වූ 70 වන ක්‍රීඩකයා හසරංගය.
වනිඳු ලකුණු 1000 සීමාව ඉක්වමනු ලැබුවේ තරගාවලියේ පළමු තරගයේ දී ය. ඊයේ (06) තරගයේදී ඔහු සිය 100 වන එක්දින කඩුල්ල සම්පූර්ණ කළේය.







