නව ඉන්දියාව සෑදීමට පාකිස්ථානු සරණාගතයින් විශාල පිටුවහලක් වූ බව වෘත්තීය සමිති අමාත්‍ය ජීතේන්ද්‍ර සිංග් පසුගියදා ප්‍රකාශ කළේය. ජම්මු ආසන්නයේ, ජාත්‍යන්තර සීමාව අසළ පැවති බටහිර පාකිස්ථානු සරණාගත රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
ඉන්දියාව හා පාකිස්ථානය අතර බෙදීම් සිදු වූ පසුව එම සීමාවන්ගේ සිටි පිරිසට කෙටි දැනුම් දීමකින් ඔවුන්ගේ නිවාස හා දේපළ අතහැර දමා ඉන්දියානු ප්‍රදේශයට පැමිණෙන්නට සිදු විය. එය ඉතිහාසයේ සිදු වූ විශාල ඛේදවාචකයක් බව අමාත්‍යවරයා පැවසීය.
එහෙත් 2019 අගෝස්තු පස්වැනිදා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි 370 පනත අහෝසි කිරීමත් සමඟින් ජම්මු කාශ්මීර සීමාවේ පදිංචි වන පාකිස්ථාන ජාතිකයින්ට වුවත් ඡන්දය ප්‍රකාශ කිරීමට සේම ඡන්දය ඉල්ලීමටත් අයිතිය ලැබී තිබේ.
‘බටහිර පාකිස්ථානයේ සරණාගතයින් දෙදෙනෙකු වෙන ආචාර්ය මනමෝහන් සිංග් හා ඉන්දර් කුමාර් ගුජාරල් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධූරයන් දක්වා යන්න සමත් වුනා.. ජම්මු කාශ්මීර් ප්‍රදේශයේ පදිංචිකරුවන්ට ඡන්ද අයිතිය ලැබිලා තියෙනවා… ඔබලාටත් පුළුවන් ජම්මු කාශ්මීර්වල ප්‍රධාන අමාත්‍යවරයා වෙන්න. එහෙම නැත්නම් එම්එල්ඒ වෙන්න..” අමාත්‍යවරයා සිය කතාවේදී සඳහන් කළේය.







