පසුගිය 08 වැනිදා ගල්කිස්ස අධිකරණය තුළ සිදුකළ වෙඩි තැබීමට අදාලව පුද්ගලයින් දෙදෙනෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විමර්ශන ආරංචි මාර්ග කියයි.
සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කරන මෙම පුද්ගලයින් දෙදෙනා විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
වැලිගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙක් සහ හා ග්‍රැන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 37 ක කාන්තාවක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පොලිස් භාරයට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.







