අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රහාරය එල්ල කළේ ඇමරිකාවටත්   ඊශ්‍රයාලයටත් පැය 72කට පෙර දැනුම් දීලා.. ඉරානය පවසයි!

by editor
අප්‍රේල් 15, 2024
in පුවත්
7 හැවිරිදි දැරියකට බරපතල තුවාල සිදු වූ ඉරාන ප්‍රහාරයේ  රොකට් බූස්ටරයක නටබුන්...

7 හැවිරිදි දැරියකට බරපතල තුවාල සිදු වූ ඉරාන ප්‍රහාරයේ රොකට් බූස්ටරයක නටබුන්...

Share on FacebookShare on Twitter

ඊශ්‍රායලයට ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාරයකට දින  ගණනකට පෙර එම ප්‍රහාරය පිළිබඳ  පුළුල් දැනුම්දීමක් කළ බව තුර්කි, ජෝර්දාන සහ ඉරාක නිලධාරීන් ඊයේ ( 14) ප්‍රකාශ කළත් ඇමරිකාව ඒ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබුණේය.

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කළේ ටෙහෙරානය වොෂින්ටනයට අනතුරු ඇඟවීමක් නොකළ බවය.  එමෙන්ම ඉරානය විසින් සිදුකළ ප්‍රහාරය සැලකිය යුතු හානියක් සිදු කිරීමට ඉලක්ක කරගෙන තිබුණු  බවය.

සිරියාවේ සිය තානාපති කාර්යාල පරිශ්‍රයට ඊශ්‍රායල ප්‍රහාරයක් එල්ල කළ බවට සැකය මත    ඉරානය ඊශ්‍රයාලයට ඩ්‍රෝන සහ මිසයිල් සිය ගණනක  ප්‍රතිප්‍රහාරයක් 13 දා දියත් කළේය.

බොහෝ ඩ්‍රෝන යානා සහ මිසයිල ඊශ්‍රායල භූමියට ළඟා වීමට පෙර බිම හෙළන ලද නමුත් එම ප්‍රහාරයෙන් තරුණ ගැහැණු ළමයෙකු බරපතල ලෙස තුවාල ලබා තිබිණි.  මෙම ප්‍රහාරයත් සමග තත්ත්වය  තවදුරටත් උත්සන්න වීම පිළිබඳ ලෝකය පුරා පුළුල් තැතිගැන්මක් ඇති විය.

ඉරාන විදේශ අමාත්‍ය Hossein Amirabdullahian ඉරිදා කියා සිටියේ ඉරානය අසල්වැසි රටවලට සහ ඊශ්‍රායලයේ මිත්‍ර රාජ්‍ය වන එක්සත් ජනපදයට ප්‍රහාර දියත් කරන බවට පැය 72ක දැනුම්දීමක් ලබා දුන් බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉරාන විදේශ අමාත්‍ය Hossein Amirabdollahian

ප්‍රහාරයට පෙර තමන් වොෂින්ටනයට සහ ටෙහෙරානයට කතා කළ බවත්, ප්‍රතික්‍රියා සමානුපාතික බව සහතික කර ගැනීම සඳහා අතරමැදියෙකු ලෙස පණිවිඩ යැවූ බවත් තුර්කි විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

“ඉරානය කියා සිටියේ මෙම ප්‍රතික්‍රියාව ඊශ්‍රායලය දමස්කස් හි පිහිටි සිය තානාපති කාර්යාලයට එල්ල කරන ප්‍රහාරයට ප්‍රතිචාරයක් වනු ඇති බවය. ප්‍රහාරය එය ඉන් ඔබ්බට නොයන බවත් ඔහු කීවේය. අපි තත්ත්වයන් ඇතිවීමට ඇති හැකියාව ගැන දැන සිටියා. මේ සිද්ධියෙන් පසු වර්ධනයන් සිදුවුවත් එය පුදුමයක් නොවේ…”   තුර්කි රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍රයක්  උපුටා දක්වමින් රොයිටර් පවසයි.

මේ තුර්කි ප්‍රකාශය ජෝ බයිඩන්ගේ පරිපාලන නිලධාරියෙක් විසින් ප්‍රතික්ෂේප කර තිබුණේ ස්විස්ටර්ලන්ත අතරමැදියන් හරහා තමන් ඉරානය සමග සම්බන්ධතා පැවැත්වූ නමුත් පැය 72කට පෙර ප්‍රහාරය පිළිබඳ අනතුරු ඇඟවීම් සිදු නොවුන බවය.

“එය කිසිසේත්ම සත්‍යයක් නොවේ. “ ඇමරිකානු නිලධාරියා රොයිටර් වෙත පවසා ඇත.

“ඔවුන් ප්‍රහාරය සම්බන්ධව දැනුම් දීමක් තබා කිසිම ඇඟවීමක්වත් සිදුකළේ නෑ.  මේ සම්බන්ධව ඔවුන් ඇමරිකාව දැනුම්වත් කළේ ප්‍රහාරය ආරම්භ කළ පසුයි.  …”  ඇමරිකානු නිලධාරියා කීවේය.

එක්සත් ජනපදය කිසිදු ඊශ්‍රායල ප්‍රතිප්‍රහාරයකට සම්බන්ධ නොවන බව Biden ඊශ්‍රායලයට පවසා ඇති බව එක්සත් ජනපද නිලධාරියා දන්වා ඇත.

ඉරාන ප්‍රහාරය දා ජෙරූසලම් අහස…

කෙසේ වෙතත් ඉරානයෙන් එල්ල විය හැකි අනිවාර්ය ප්‍රහාරයක් ගැන ඇමරිකානු ජනාධිපතිවරයා දින දෙකකට පෙර අනතුරු ඇඟවූයේය. එම ප්‍රහාරය එල්ල නොකරන ලෙස ඉරානයට පැවසුවේය.

ප්‍රහාරයට නියමිත දිනය පිළිබඳව කටාර්, තුර්කිය සහ ස්විට්සර්ලන්තය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නාලිකා හරහා ඉරානය එක්සත් ජනපදයට දන්වා ඇති බවත්  ප්‍රතිචාරයක් අවුලුවාලීම වැළැක්වීම සඳහා එය සිදු කළ බවත්  ඉරාන මූලාශ්‍රයක්   විස්තර කළ අකාරය රොයිටර් වාර්තා කර ඇත.

කෙසේ වෙතත්, ඊශ්‍රායලය තවමත් එහි ප්‍රතිචාරය කිරා මැන බලමින් සිටින අතර “අපට ගැලපෙන විලාසිතාවට  සහ ගැලපෙන වේලාව අනුව ඉරානයට ගෙවිය යුතු මිල නියම කරනු ඇත”, ඊශ්‍රායල අමාත්‍ය Benny Gantz  ඊයේ කියා තිබිණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

විදුලි සේවකයන් අවුරුද්දකට කෝටි 42ක අමුතු දීමනා අරන්… විගණනය හෙළි කරයි…

Next Post

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ දී දුම්රියක් වේදිකාවත් කුඩු කරන් යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.