සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නුවර ඇමති කෙනෙකුගේ උපදෙස් පිට රඹුක්කනදි වෙඩි තියන්න අණ දුන්නෙ SSP කීර්තිරත්න

මනුෂ නානායක්කාර පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි....

by editor
අප්‍රේල් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිසිය විසින් ඊයේ (19) රඹුක්කන දී වෙඩි තබා සිදුකළ පුද්ගල ඝාතන  සිද්ධිය සඳහා අණ දී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කීර්තිරත්න නැමැති නිලධාරියා බවත් ඔහුට ඒ සඳහා උපදෙස් දී ඇත්තේ නුවර දිස්ත්‍රික්කයේ නව ප්‍රවාහන ඇමතිවරයා බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.

Police were firing at the people who were running away. This is clearly a human rights violation. Strict legal actions need to be taken against the officers who are responsible.#lka #SriLanka #HumanRights #policebrutality #Police #law #justice pic.twitter.com/hJEBvbkTSf

— Prasad Welikumbura (@Welikumbura) April 19, 2022

මෙම කීර්ති රත්න නැමැත්තා අතිරේක අප පොලිස් පරීක්ෂකවරයෙක් ලෙස පොලිස් සේවයට බැඳුන අයෙක් බව කී මන්ත්‍රීවරයා ඔහු අගමැතිවරයාගේ කිට්ටුම ආරක්ෂකයා වන මේජර් නෙවිල්ගේ ලඟම ඥාතියෙක් බව කිවේය.

බවුසරය ගිනි තැබීමට උත්සාහ කළ බව කියා මෙම පුද්ගල ඝාතනය සිදුකර ඇත්තේ අතුරු පාරක දී බවත්, එම ඝාතන සිද්ධිය වීඩියෝගත කළ පුද්ගලයා පොලිස් ජිප් රථයට රැගෙන ගොස් ඔහුගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇති බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මන්ත්‍රීවරයා මෙසේ ද  කීවේය.

“මේ සිද්ධිය ඇතිවුනු  වෙලාවෙදි  එස්.එස්.පී කීර්තිරත්න    හොඳටම  බීමතින් සිටි බව   ආරංචියි.“

“ඔහුගේ විස්තර කියන්නම්. ආර්.එස්.අයි කෙනෙක් ලෙස පොලිසියට බැඳුනු කෙනෙක්. ගම අම්බලන්තොට. මේජර් නෙවිල්ගෙ ලඟම ඥාතියෙක්. ඔවුන්  මේ ඝානය  කළ අමුණ පැහැදිලියි. ඔහු ජීවත්වන පාලාතෙ කණක හේරත්ට දේශපාලනය කරන්න අභියෝගයක් වූ චරිතයක් තමයි මෙය පසුපස ඉන්නෙ“.

“එතන බවුසරයක්  ගිනි තියන්න කවුරුත් උත්සාහ කළේ නෑ. වෙඩි වැදුණු තැන මේ වනවිටත් වීඩියෝ දර්ශනවලින් පැහැදිලියි.“

“දුම්රිය මාර්ගය  හරස් කරගෙන විරෝදතාවය දක්වන  උද්ඝෝෂකයින් ලඟදි  එස්.එස්.පී කීර්තිරත්න කතා කරනවා  නුවර ඇමති කෙනෙකුට. ඔහු අලුත් ප්‍රවාහන ඇමති තුමා. රේල් පාර ක්ලියර් කරගන්න   මොනවා හරි කරන්න කියනවා කියලා ඔහු පොලිස් නිලධාරියට කියනවා. සර් මං ගැන බලා ගන්නවා නම් මම වැඩේ කරන්නම් යැයි කීර්ති රත්න ඒ වෙලාවෙදි  කිව්වා කියලා ආරංචියි. එහෙම කියලා ඔහු   වෙඩි තබන්න අණ කරලා තියනවා.“

“මේ  පටන් ගත්තේ නිරායුධ සාමකාමී අරගලයක්. මෙම අරගලය මැර බලය නොව, කවි ලියන සිංදු කියන ගිටාර් ගහන තරුණයන්ගේ අරගලයක්. එය ප්‍රචණ්ඩත්වයට ගෙනියන්න ඉතාම සැලසුම් සහගතව කටයුතු කරනවා“.

“ගාල්ල උද්ඝෝෂණයට කොළඹින් ගෙනියනවා. ජනතාව මැදට ඔවුන් ඇතුළු කරලා ප්‍රචණ්ඩ තත්වයක් ඇති කරන්න ආණ්ඩුව උත්සාහ කරන්නෙ. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

තියන ඉන්ධන සංචිත දින 10කට වඩා ඇති… අර්බුදය බෙදාහරින්න බැරි වීමයි… ඉදිරි දින 03 අමාරු වේවි!

Next Post

රඹුක්කන ඝාතන සිද්ධිය – පොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.