අද සිට නැවත දැනුම් දෙන තෙක් ලංකාවේ සියලුම මත්පැන් අලෙවිසල් පස්වරු 6.00 ට වැසිය යුතුබව කොවිඩ් පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවේදනය කළේය.
කොවිඩ් 19’ අවදානම් තත්වය හේතුවෙන් සෞඛ්‍ය ආරක්ෂණ පියවරක් ලෙස මෙලෙස සියලුම මත්පැන් අළෙවිසල් වසා දමන බව ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ සාමාන්‍ය සුරාබදු නීතියට අනුව මත්පැන් අළෙවිසල් රාත්‍රී 9.00 ට දක්වා විවෘතව පවතී.