මතභේදාත්මක පත්වීමක්ව තිබූ විගණකාධිපති ධුරය සදහා යෝජනා වී ඇති නම අද සවස පැවත්වෙන ව්‍යවස්ථා සභාවෙදී සලකා බැලෙනු ඇති බව වාර්තා වේ.
ව්‍යවස්ථා සභාවේ නව සිවිල් සාමාජිකයන් ද සමඟ ඊයේ රැස්වී ඇති අතර එම සභාව අද දිනයේද සවස් භාගයේ රැස්වෙන බව පාර්ලිමේන්තු අරංචි මාර්ග සඳහන් කරයි.
විවෘත විශ්ව විද්‍යාලයයේ මූල්‍ය පරිපාලකයකු ලෙස ක්‍රියා කරන පුද්ගලයකුගේ නම මේ වනවිට යෝජනා වී ඇති බව වර්තා වන අතර ඒ විගණකාධිපති ධුරය සදහා ඉදිරිපත් වූ පස්වැන්නායි. මීට පෙර ජනාධිපතිවරයා විසින් යෝජනා කරන ද සිව් දෙනකුගේ නම් ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂෙප කරන ලද අතර මේ හේතුව නිසා විගණකාධිපති ධුරයේ සහ එම දෙපාර්තමෙන්තුවේ කටයුතුවලට සැලකිය යුතු බලපෑමක් වූ බව වාර්තා විය.
කෙසේ වුවද පසුගියදා ව්‍යස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයන් තිදෙනාගෙ ධුර කාලය අවසන් වූ අතර ඒ වෙනුවට අගමැතිවරියගේ සහ විපක්ෂ නායකවරයාගේ එකඟතාවෙන් නම් තුනක් යෝජනා විය. ඒ අනුව ඔස්ටින් ප්‍රනාන්දු, රන්ජිත් ආරියරත්න සහ වසන්තා සෙනෙවිරත්න යන සාමජිකයන් මෙම සභාවේ සිවිල් සාමාජිකයන් ලෙස පත් විය.







