බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නන්දන ගුණතිලක දිවියෙන් සමු ගනී…

by editor
ජනවාරි 18, 2026
in පුවත්
Nandana-Gunathilaka
Share on FacebookShare on Twitter

මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක්ව සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්න්දන ගුණතිලක   අභාවප්‍රාප්ත වූයේය.

කලක් රෝගාතුරව සිට හෙතෙම   රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) අලුයම අභාවප්‍රාප්ත විය. 1962 වර්ෂයේ සැප්තැම්බර් මස 07වන දින පානදුරේ දී  උපත ලැබු නන්දන  දිවි සැරියෙන් සමුගන්නා විට ඔහු    63 වියේ පසුවිය.

නන්දන ගුණතිලක දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනන චරිතයක්ව මතු වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මුල් පෙළ සාමාජිකයෙක් ලෙස ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස 1999 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් පසුය.  ඔහු එම මැතිවරණයේ දී ඡන්ද 3,34, 173ක් ලැබූ අතර තුන් වැනි ඉහළම ඡන්ද ප්‍රමාණය ලැබූ අපේක්ෂකයා බවට පත් විය.

ඔහු ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් ලෙස 1982 සිට 2004 දක්වා අතිශය දුෂ්කර කාල පරිච්ඡේදයේ දී ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව ලෙයින් යකඩින් කළ මර්ධනයට එරෙහිව අරගල කළ පක්ෂයේ ප්‍රධාන කාඩරයෙක් වූයේය. සැලකිය යුතු කාලයක් ඔහු ජනතා විමුක්ති පෙරමුණේ පරිපාලන ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.

2000 -2001 දක්වා වූ 11 වැනි පාර්ලිමේන්තුවේත්, 2001-2004 දක්වා පැවති 12වන පාර්ලිමේන්තුවෙත් නන්දන ගුණතිලක ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කළේය.

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

2004න් පසු නන්දන ගුණතිලකගේ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය නිමා වූයේය. ඔහු මහින්ද රාජපක්ෂගේ නායකත්වය සහිත එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකත්වය ලබාගෙන 2004 වසරේ සිට 2014 දක්වා වසර 10ක් කටයුතු කළේය.  එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ඔහු 13 වැනි පාර්ලිමේන්තුවේ 2004 සිට 2010 දක්වා කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළේය.

එමෙන්ම 2009 දී ඔහු සංචාරක අමාත්‍ය ධුරය දැරූ අතර තැපැල් හා විදුලි සංදේශ වැඩබලන අමාත්‍යවරයා ලෙසද වගකීම් දැරුවේය.

2015 දී එක්සත් ජනතා නිදහස් සන්ධානය හැර ගිය නන්දන ගුණතිලක එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.  ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පානදුර නගරසභාවේ නගරාධිපති ධූරය ද දැරුවේය.  එතැන් සිට රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ දේශපාලනය කළ නන්දන මියයන විට නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ක්‍රියාකාරී සාමාජිකයෙක් ලෙස දේශපාලනයේ නියැලෙමින් සිටියේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

 දින දෙකක් තුළ බංගලාදේශයේ දෙවැනි හින්දු ජාතිකයාත් ඝාතනය වේ…

Next Post

එරෙහිවුන මිත්‍ර පාක්ෂික රටවල් 08කට තීරු බදු පනවයි.. ග්‍රීන්ලන්තය මිලදී ගැනීම හෙවත් වියරු මහල්ලෙකුගේ බල තන්හාවේ නිරුවත…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.