සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශබන්දුට එරෙහි විමර්ශනයේ දී වැලිගම W15 හෝටලයට වෙඩි තබා පලා යමින් සිටි පොලිස් මැරයින් ඉමදූව පිවිසුමේ දී අත් අඩංගුවට ගත් පොලිස් සැරයන් ලබා දුන් සාක්ෂිය –

by editor
ජූනි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධූරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති යෝජනාවේ ඇතුළත් චෝදනා විමර්ශනය කරන ත්‍රිපුද්ගල කමිටුව ඊයේ (18) රැස්වුන අවස්ථාවේ දී කුප්‍රකට වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ අපරාධයට අදාල විමර්ශනය තව දුරටත් පැවැත්විනි.

අද සාක්ෂියට කැඳවා තිබුණේ W15 හෝටලයට වෙඩි තැබීම සිදුකර පලා යන වාහනය ඉමදූව පිවිසුමේ දී අත් අඩංගුවට ගත් පොලිස් කණ්ඩායමේ සිටි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ පොලිස් සැරයන් උපුල් වසන්ත අල්විස් විජේවික්‍රම ය.

ඔහු සාක්ෂි ලබා දෙමින් මෙසේ පැවසුවේය.

වෙඩි තැබීමක් කරලා වෑන් එකක් පලා යනවා කියලත් ඒ වෑන් එකට යන්න ඉඩ දෙන්න එපා කියලත් අළුයම 2.43ට විතර අපට තොරතුරක් ලැබුණා. අලුයම 3.10ට විතර එම වෑන් එක ඉමදූව පිවිසුමට ලඟා වුනා.

සී.කේ 7225 වෑන් එකේ පිටිපස්සේ කණ්නාඩිය කැඩිලා තිබුණා. අපි ගිහින් ඒක පරීක්ෂා කළා. වෑන් එකේ 07 දෙනෙක් හිටියා. වෑන් එකේ කොළ පාට ටීෂර්ට් එකක් දාපු කෙනෙක් අයිඩි එක පෙන්නලා මම සිල්වා කිව්වා. අනිත් කට්ටියත් අපි පොලිසියෙන් කිව්වා.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

මම ටක් ගාලා මගේ ඕඅයිසී සමන් කුමාරට කතා කළා. ඊට පස්සෙ වැලිගම ඕඅයිසී උපුල් කුමාරටත් මම කතා කළා. එයා විනාඩි 20න් එනවා කිව්වා. ඒ ගොල්ලන්ට යන්න දෙන්න එපා කියලා මට නියෝග කළා.

ඒ වෙලාවෙ මම කිව්වා මෙතන එක්කෙනෙක් තුවාල ලබලා ඉන්නවා කියලා. එයා කිව්වා 1990ට කතා කරන්න කියලා. අපි ඇම්බියුලන්ස් එකට කතා කළා. අළුයම 3.35ට විතර ඇම්බියුලන්ස් එක ආවා. අපි ටක් ගාලා වෑන් එකට නැගලා තුවාල ලබලා තියන එක්කෙනාව බැලුවා.

එයා බයික් ජැකට් එකක් දාලා හිටියේ. ඒක ගැලෙව්වට පස්සේ තමයි අපි දැක්කේ එයාගේ තුවාලය ලොකු එකක් කියලා. ඇම්බියුලන්ස් එකේ නර්ස් චෙක් කරලා කිව්වා මෙයාගේ හාර්ට් බීට් එක 52යි. එයා අවදානම් තත්ත්වයක ඉන්නේ. ඒ හිද්නා ඉස්පිරිතාලෙට ටක් ගාල ගෙනියන්න ඕන කිව්වා.

ඒ හින්දා මම කිව්වා කරාපිටිය ඉස්පිරිතාලෙට ගෙනියන්න කියලා. වෑන් එකේ තවත් කෙනෙක් හිටියා නොන්ඩි ගහ ගහ. එයත් ඇම්බියුලන්ස් එකට නැග්ගා. මම කිව්වා ඇම්බියුලන්ස් එකට නගිනවා නම් ඔයාගේ වෙපන් එක වෙන කාටහරි දෙන්න කියලා.

අලුයම 3.45ට විතර ඇම්බියුලන්ස් එක රෝහලට ගියා. ඊට පස්සේ පොලිසියට ගෙනිච්චා.

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් – එතකොට ඒ වෑන් එකේ ඉඳලා කවුරුහරි බැස්ස ද?

පොලිස් සැරයන් – ඔව් ගරු ස්වාමීනි. එක්කෙනෙක් බැස්සා. සර් සර් කියලා කතා කළා. හරි සර්, හොදයි සර් කියලා ෆෝන් එකෙන් කතා කර කර හිටියා. එයා අයි.පී නිශාන්ත කියලා කිව්වා. අපි වෑන් එක චෙක් කරන වෙලාවෙ ඒ ගොල්ල කොළඹට යන්න ඕන කියලා විතරයි කිව්වේ. අපි ඒකට ඉඩ දුන්නෙ නෑ.

තුවාල ලබලා තියන එක්කෙනක් ඉන්නවා කියලා විතරයි එයාලා කිව්වේ. වෙඩි පහරකින් තුවාල ලබලා ඉන්නවා කියලා කිවේවෙ නෑ. ඒ ගොල්ලන් ඉස්පිරිතාලෙට යන්න ඕන කියලාවත් කිව්වෙ නෑ. අපි තමයි ඒකත් කළේ.

සිද්ධිය වෙලා තියන තැන ඉඳන් කිලෝමීටර 3කින් රෝහලක් තියනවා. වලාන රෝහල. ඒ රෝහලට යන්න ගතවෙන්නේ එතන ඉඳන් ගතවෙන්නේ විනාඩි 03යි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුධ තත්ත්වය නිසා ඉන්ධන හිඟයක් ඇතිවීමට කිසිම ඉඩක් නෑ… අනවශ්‍ය විදිහට තොග රැස් කරලා රටේ ඉන්ධන කළමනාකරණය කඩාකප්පල් කරන අයට දැඩි දඬුවම් ලබා දෙනවා… බලශක්ති ඇමති කියයි!

Next Post

අල්ලස් කොමිසමට හසුවූ ජ’පුර ස්නායු රෝග විශේෂඥවරිය වෙනුවෙන් GMOA පෙනී සිටින්නේ නෑ… කූඨ ලේඛන හරහා පලවන ලිපිය සාහසික බොරුවක්… GMOA කියයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.