සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දේශපාලකයන්ගේ අයථා ගනුදෙනු හෙළිකරන ජාත්‍යාන්තර පැන්ඩෝරා වාර්තාවෙන් නිරූපමා නිරුවත් වේ…    

by editor
ඔක්තෝබර් 4, 2021
in පුවත්
Nrupama-Rajapaksha
Share on FacebookShare on Twitter

තම දේශපාලන බලය පාවිච්චි කරමින් බදු වංචා ඇතුළු අයථා ඉපැයීමවලට සම්බන්ධ ලෝකයේ ප්‍රබලයින් ඇතුළු දේශපාලකයන් තුන්සියයකගේ පමණ අයථා ගනුදෙනු හෙළි කරමින් නිතුක් වූ නවතම වාර්තාව වන පැන්ඩෝරා පේපර්ස් හි ශ්‍රි ලංකාවේ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරියක වන නිරූපමා රාජපක්ෂ ගේ නමද සඳහන්ව තිබේ.

ගවේෂණාත්මක මාධ්‍යව්දීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (ICIJ) විසින් එලි දක්වන ලද මෙම වාර්තාවේ නිරූපමා රාජපක්ෂ ගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් සම්බන්ධ වූ ගනුදෙනු කිහිපයක් පිළිබඳව අනාවරණය කර ඇති අතර එහි නඩේසන්   හඳුන්වා දී ඇත්තේ ශ්‍රිලංකාවේ දේශපාලඥවරියකගේ සැමියා ලෙසිනි.

2015 වසර වන තෙක් දේශපාලනයේ රැඳී සිටි නිරූපමා රාජපක්ෂ   හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පිවිසි අතර ඇය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සමීපතම ඥාතියෙකි.

මෙම වාර්තාවෙන් අනාවරණය කර ඇත්තේ නිරූපමා රාජපක්ෂ   සහ ඇයගේ සැමියා රහසිගත සමාගමක් භාවිත කරමින් ලන්ඩනයේ සහ ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සුඛෝපභෝගී මහල් නිවාස සහ දේපළ මිලදී ගැනීමේ  ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති බවය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

කලක් කොළඹ හිල්ටන් හෝටලය අයත් හොටෙල් ඩිවලොපර්ස් සමාගම් සභාපතිවරයාව සිටි තිරු නඩේසන්   ද මෙරට මෙන්ම විදේශීය රාජ්‍ය නායකයන් ඇතුළු දේශපාලන ප්‍රබලයන් සමඟ සමීප ඇසුරක් පැවත්වූ ව්‍යාපාරිකයෙකි.

ඔහු විසින් තවත් රහස් සමාගම් කිහිපයක් හරහා අකර්ෂණීය උපදේශන සේවා සැපයීමේ කොන්ත්‍රාත් ලබා ගැනීමට සහ විශිෂ්ඨ ගණයේ කලා නිර්මාණ මිලදී ගැනීමේ ව්‍යාපාර පවත්වාගෙන ගිය බවටද පැන්ඩෝරා පේපර්ස් වාර්තාව විසින් එළිකරනු ලැබ ඇත.

2018 වසරේදී මෙම සමාගම් අතරින් එකක් වන පැසිෆික් කොමොඩිටීස් සමාගම විසින් වටිනා සිතුවම්  31ක් සහ තවත් දකුණු ආසියාතික කලා නිර්මාණ ගණනාවක් ස්ටිව්සර්ලන්තයේ ජිනීවා හි අධි ආරක්ෂිත ගබඩාවක් වෙත කිසිදු බදු ගෙවීමකින් තොරව රැගෙන ගොස් ඇති බවද හෙළි කරන මෙම ගවේශකයන් 2011 වන විට නඩේසන් ගේ මෙම සමාගම් සතුව පැවැති වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 160කට අධික බව පෙන්වා දී තිබේ.

බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලයාර් සහ ඔහුගේ බිරිය විසින් සිදු කරන ලද බදු වංචාවක් ඇතුළු දේශපාලකයන් ගණනාවකගේ අයථා ගනුදෙනු සහ අයථා ඉපයීම් පිළිබඳව සකස් කරන ලද මෙම අංග සම්පූර්ණ වාර්තාව සඳහා ලෝකය පුරා ගවේෂණාත්මක මාධ්‍යෙව්දීන් ගණනාවක් සහභාගී වී ඇති බව සඳහන් වේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එන්නත්කරණ කාඩ්පත ගෙදර දමා රට යන්න ගිය  හිටපු සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්ට කටුනායක දී පාඩමක්…

Next Post

ඩඩ්ලිලා වැඩ අරඹති… ගෙවල්වලටම ගොස් වී තොග වැඩි මිලට ගනී…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.