ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දියවඩන නිලමේ නිලංග දෑලට එරෙහිව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්!

දළදා වහන්සේත් ජපානයට විකිණුවාදැයි සැකයි... පැමිණිලිකරු මාධ්‍ය ඉදිරියේ කියයි...

by editor
පෙබරවාරි 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • රන් බුදු පිළිම 28ක් අස්ථානගත කිරීම, දළදා මාළිගාව සතු ප්‍රවේනි ඉඩම් ලෑන්ඩ් සේල් කරුවෙක් හරහා විකිණීම ඇතුළු චෝදනා රැසකට විමර්ශන ඉල්ලයි….

වසර විස්සකට ආසන්න කාලයක් ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ධූරය අඛණ්ඩව දරන ප්‍රදීප් නිලංග විසින් සිදුකරන ලද දූෂණ ගණනාවකට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයෙක් විසින් අද (08) අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

දළදා මාළිගාව සතුව තිබූ රන් ප්‍රතිමා 28ක් අතුරුදහන් කිරීම, වත්මන් දියවඩන නිලමේවරයා සමබරගමු සමන් දේවාලයේ දියවඩන නිලමේ තනතුර දරද්දී රත්තරන් කිලෝ 38ක් අතුරුදහන් කිරීම, දළදා මාළිගාව සතු ප්‍රවේණි ඉඩම් දිවයිනේ ප්‍රමුඛ දේපළ වෙළෙඳාම් සමගාමක් හරහා වෙන්දේසි කර විකුණා දැමීම, , පින්නවල ඇත් අතුරු සෙවනේ ඇත් පැටවු දෙදෙනෙක් පැහැරගෙන යෑම,  මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී රක්ෂිතයෙන් සොරකම් කළ ඇත් පැටවෙක් කකුල් හතරට විලංගු ලා කම්බේදොළ වලවේ ඉඩම තුළ ගාල් කර තිබෙද්දි පැමිණි ගංවතුරට යට කර එම සතා මැරෙන්නට හැරීම වැනි අපරාධ ගණනාවක් සම්බන්ධව විමර්ශන ඉල්ලා මෙම නඩුව ගොනු කළ බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ශෂික දිසානායක මාධ්‍යයට පැවසුවේය.

ඔහු පැවසුවේ දළදා මාළිගාවේ රත්තරන් සොරකම්කර සිය මිනි කූපර් රථය රනින් වාත්තු කළ පුද්ගලයෙක් ලෙස වත්මන් දියවඩන නිලමේවරයාට චෝදනා ඇති බවය.

“කපටි උපාසකයා නමින් පොතක් මුද්‍රණය කළා කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. ඔහු දළදා මාළිගාව තුළ දියවඩන නිලමේවරයා විසින් කළ දූෂණ සහ වංචා ගණනාවක් සිය කෘතිය හරහා ලිඛිතව හෙළිදරවු කරලා තියනව. එහි තියන තොරතුරු අනුව වත්මන් දියවඩන නිලමේ ධූරය දරන නිලංග දෑල නැමති පුද්ගලයා දළදා වහන්සේත් ජපානයට අලෙවි කර ඇති බවට චෝදනාවක් එල්ල වෙලා තියනවා. අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ආවේ මේ සම්බන්ධව විමර්ශනයක් ඉල්ලා පැමිණිල්ලක් කරන්න….”

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ශෂික දිසානායක මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කළේය. මේ වසර අවසන්වන විට පැවැත්වීමට නියමිත දියවඩන නිළමේවරයා තෝරා ගැනීමේ ඡන්දයත් සමග මේ දූෂණ වංචා සහිත සැඟවුන යථාර්ථයක් දළදා මාළිගාව ආශ්‍රිතව හෙළිකිරීමට කරන උත්සාහය විශේෂ අවස්ථාවක් සේ දැකිය හැකිය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Tags: නවතම
Share69Tweet43
Previous Post

නීතිපති තීන්දු සමාලෝචනය කරන්න ආණ්ඩුවට බෑ… නීතිඥ සංගමයෙන් රජයට බරපතල ලිපියක්!

Next Post

මේ මස අවසන්වීමට පෙර ජල ගාස්තු අඩු කරනවා… රජයෙන් සහතිකයක්!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.