සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දිනන රටකට ලස්සනම ආදර්ශය මැවූ රත්තරන් කෙල්ල…

by editor
ඔක්තෝබර් 27, 2025
in පුවත්
safia-yamic

සාෆියා යාමික්...

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

වසර 17කට පසුව පැවැත්වුණු සිව් වන දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය ඉන්දියාවේ රංචිහිදී ඔක්තෝබර් 26 වන දා අවසන් විය. තරගාවලියට පකිස්ථානය එක් වූයේ නැත. දෙරට අතර ඇතිවෙන දුර්ග දේශපාලන ගිනි මැද පකිස්ථානය සහභාගී නොවීම තරගාවලියේ තියුණු සහ තරගකාරී ස්වරූපය අඩු වී ගිය බව කිව යුතුව තිබේ.

ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය, භූතානය සහ මාලදිවයින යන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 300ක් පමණ සහභාගී වූහ. ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 63ක් තරගාවලිය නියෝජනය කළහ.

කෙසේ වෙතත් තුන්වන දිනයේ දී  ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 8ක් සහ රිදී පදක්කම් 8ක් දිනා ගත්හ. තරගාවලිය අවසානයේ දී ශ්‍රී ලංකාව   රන් පදක්කම් 16ක් රිදී පදක්කම් 14ක්, ලෝකඩ පදක්කම් 10ක්  සමග පදක්කම් 40ක් දිනා ගත්තේය.

ඉන්දියාව පෙරමුණ ගත්තේ රන් පදක්කම් 20ක්, රිදී පදක්කම් 20ක්, ලෝකඩ පදක්කම් 18ක්ද සමගින් මුළු පදක්කම් 58ක් දිනා ගනිමිනි.

පදක්කම් 6ක් දිනූ නේපාලයට තුන් වැනි ස්ථානය හිමි විය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

මේ තරගාවලිය වර්ණවත් කළ ක්‍රීඩිකාව සෆියා යාමික් ය. ඇය තරගාවලියේ විශ්මය වූ බව කිව යුතුය.    තරගාවලියේ    රන් පදක්කම් තුනක්  දිනා ගැනීමට සෆියා යාමික් සමත් වුණාය. ඊයේ ඇය මීටර 200 රන් පදක්කම දිනා ගන්නේ තරගාවලි වාර්තාවක් ද සමගිනි.

එහිදී   ඇය  තප්පර 23.58කින් සිය ඉසව්ව අවසන් කරමින් බිඳහෙළණු ලැබුවේ මීට වසර 27කට පෙර 1998 වසරේ දී ඉන්දියාවේ පී.ටී. ඌෂා පිහිටුවා තිබූ තරග වාර්තාවය.

පෙරේදා සාෆියා  දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස කිරුළු පැළඳුවාය. මීටර් 100 කාන්තා රන් පදක්කම දිනා ගනිමිනි. ඇය වාර්තා කළ කාලය තප්පර 11.53කි. එය තරගාවලි වාර්තාවකි.  මීටර් 4×100 සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් කණ්ඩායම ඇය නියෝජනය කළාය. ශ්‍රී ලංකා කෙල්ලෝ තරගය නිමා කරන්නේ තත්පර 44.7කිනි.

මේ මහා ජයග්‍රහණ අතර ඇය විසල් මානව ආදර්ශයක් සපයන ආකාරය ඒ බරින්ම අප තේරුම් ගත යුතුය.  සාෆියා යනු  අප ප්‍රාර්ථනා කරන බරසාර ශ්‍රී ලංකා ජාතියක සැබෑ උත්කර්ෂවත් නියෝජනය ය. එසේ කියන්නේ ඕනෑම ජාතියක් පසුගාමී කෙළවරක සිර කර දමන ගර්හිත රාමු අවබෝධයකයින් යුතුව විවර කරගත යුතු ආකාරය සාෆියා අපට පෙන්වා දෙන නිසාය. සාෆියාගේ අම්මාත් තාත්තාත් හිතන විදිහට මේ රටේ ආචීර්ණකල්පිත සංස්කෘතික රාමු තුළ හිරවූ අම්මලා තාත්තාලා හිතන්නට පටන් ගන්නවා නම් එදාට මේ රට මොනතරම් විශාල ජයග්‍රහණ අත්පත් කරගනු ඇතිදැයි අනෙක් පැත්තෙන් සාෆියා අපට පෙන්වා දෙන නිසාය.

සාෆියා යාමික් පාසල් යන්නේ  මහනුවර විහාරමහා දේවි බාලිකා විද්‍යාලයටය. විහාරමහා දේවී විද්‍යාලය ලේබල් වන්නේ  සිංහල බෞද්ධ පාසලක් ලෙසය.   සාෆියා ඉගෙන ගන්නේ සිංහලෙනි.  ක්‍රීඩාව පටන් ගන්නේ නිදහස් දැරියක ලෙසය. ක්‍රීඩාවට උචිත ඇඳුම් ඇය වාරණයකින් තොරව තෝරා ගන්නේය. ඇයට සම්ප්‍රදායික ආගමික සමාජය තුළින් පැමණෙන බලපෑම මීට වසර 03කට පෙර ඇය රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවක දී කීවාය.

“ පල්ලියෙන් ප්‍රශ්න ආවා… මට නෙමෙයි… තාත්තට. එයාලා තාත්තට යෝජනා කරලා තිබුණ… කොට ඇඳුම් ඇඳන් මම දුවනවා ටී.වී.එකේ දකිනවා. ඒක අපේ සංස්කෘතියට හොඳ මදි… ඒ ගැන සැලකිලිමත් වෙන්න “ කියලා… තාත්තා කියලා තිබුණේ දරුවාගේ හීනය හොඳ Athlete කෙනෙක් වෙන්න. ඒකට ඉඩ දෙනවා කියලා..”  සාෆියා පවසන්නේ තමන් වෙනුවෙන් තම පියා සහ මව පවුරක් වී තමන්ගේ ක්‍රීඩා ජීවිතය ආරක්ෂා කළ ආකාරය ය.

අද සෆියා දකුණු ආසියාවේ වේගවත්ම කාන්තාවය. ශ්‍රී ලංකාවේ යෞවනයේ ප්‍රබෝධමත් ආදර්ශය ය. මේ මොහොතේ  රටේ ක්‍රීඩා වීරවරිය ය.  ජාතියක් ගොඩනැගිය යුතු ආකාරය රටට කියන ආකෘතිය ය.

සාෆියා වගේ වෙන්න… ඇය දිනන රටක සොඳුරුම ආදර්ශය සලකුණු කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

IRC කාරයො මහජන නියෝජිතයො උනාම ආරක්ෂාව සපයන්න පොලිසියටත් අපහසුයි… නීති ගරුක පුරවැසියන් දේශපාලන නියෝජිතයන් ලෙස  තෝරන්න… මහජන ආරක්ෂක ඇමති දේශපාලන පක්ෂවලින් ඉල්ලයි!

Next Post

පොලිස්පතිට එරෙහිව ජගත් විතාන නඩු දාන්න සැරසෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.