සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පතිට එරෙහිව ජගත් විතාන නඩු දාන්න සැරසෙයි!

by editor
ඔක්තෝබර් 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මාව පාතාලයෙක් කූට ව්‍යාපාරිකයෙක් කරලා… මට පාතාල සම්බන්ධකම් තියනවා කියලා මම දැනගත්තේ පොලිස්පතිගෙ නිල නිවේදනයෙන් පස්සේ… මාව මරන්න හදනවා කියලා පොලිස්පති කියන මතුගම ශාන් එක්ක මගෙ කිසිම අරෝවක් නෑ… ගනුදෙනුවකුත් නෑ…  ජගත් විතාන කියයි…

තමන්ට අපරාධ කල්ලි හා සම්බන්ධකමක් ඇති බව තමන් දැනගත්තේ පොලිස්පති තුමා නිල නිවේදනයක් නිකුත් කළ පසු බවත් මේ තමන්ගේ ජීවිතයට ඇති කළ කළු පැල්ලමට එරෙහිව තමන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දැනටමත් කටයුතු කර ඇති බවත් කළුතර දිස්ත්‍රික්  පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන අද (27)  සාකච්ඡාවක් තබමින් ප්‍රකාශ කළේය.

ඔහු පැවසුවේ තමන්ගේ ගමේ, තමන්ව හොඳන් දන්නා පොලිස්පතිවරයා මේ කටයුතු කරන්නේ වෙනත් අරමුණකින්දැයි තමන්ට සැක සිතෙන බවය.

මින් පෙර  වාහනයක් සම්බන්ධව තම පුතා අත්  අඩංගුවට ගත් ආකාරය සම්බන්ධව පොලිස්පතිවරයා ප්‍රධාන චූදිතයා කරමින් තමන් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත බව කී මන්ත්‍රීවරයා එම නඩුව මේ වනවිට විභාගයට දින නියම වී ඇති බව ද කීවේය.

ඒ තත්ත්වයන් මත මේ පසුබිම නිර්මාණය වී ඇතැයි තමා සැක සිතන බවත් පොලිස් බුද්ධි වාර්තාවේ ඇති ආකාරයට තමන්ව මරා දැමීමට සැලසුම් කළ බව කියන මතුගම ශාන් සමග තමාට දන්නා ආකාරයෙන් කිසිම ගනුදෙනුවක් හෝ වෙනත් අරෝවක් නැති බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.

ඔහු කීවේ මෙවැන්නකි.

RelatedPosts

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

“මම ජීවිත තර්ජනයකට ලක් වුන පුද්ගලයෙක් කියලා දැනගත්තේ මේ වාර්තාව දැකක්ට පස්සේ.”

“පොලිස්පති තුමාගෙම වචනවලින් කියනවා නම් මෙහි සඳහන්ව ඇත්තේ ශාන් අරෝෂ ජයසිංහ හෙවත්  මතුගම ශාන් විසින් නිවසේ දී හෝ මාර්ගයේ දී මා වෙඩි තබා ඝාතනය කළ හැකි බවයි. නමුත් මම දන්න විදිහට ශාන් මාත් එක්ක කිසිම ආරෝවක් නෑ.  ඒ වගේම ශාන් සහ මා අතර කිසිම විරෝධතාවයක් ඇතිවන හේතුවක් ගනුදෙනුවක් සිදුවෙලා නෑ.”

“මෙතනදි තමයි මම තේරුම් ගත්තේ පොලිස්පති තුමාට ඇත්තටම ලැබිලා තියෙන්නේ නිල නිවේදනයක්. ඔත්තුවක් අනුව… ඕක වෙලත් මට සිද්ධ වුනා අසාධාරණයට ලක් වෙන්න. “

ඔහු කීවේ යම් නාඳුනන පුද්ගලයෙක් ත්‍රී රෝද රථයකින් පැමිණ තමන් ගැන තොරතුරු විමසා ගොස් තිබුණු බවත්, මතුගම පොලිසියට ඒ සම්බන්ධව සිය පුතා හරහා පැමිණිල්ලක් කළ පසු ඒ පැමිණ ඇත්තේ පොලිස් කණ්ඩායමක් බව හෙළි දරව් වු බවත්ය.

“ඇන්ට්‍රිය දාලා ඉවර වෙනකොට පොලිස් නිලධාරියෙකුගෙන්  කෝල් එකක් එනවා. මම තමයි ගෙදරට ගියේ කියලා. මම ඇහුවා ඔයගොල්ල ඇයි ගෙදරට ගියේ කියලා.  මම ටවුන් එකේ ඉන්නේ. මගේ කාර්යාලය එතන. “

“ මේ ගැන හොයා බලන්න  අපට පොලිස්පති තුමාගේ උපදෙස් ලැබිලා තියනවා. පොලිස්පති තුමා කිව්වා  සොයලා බලන්න කියලා” ඔහු කියනවා.’

මම ඇහුවා ඇයි යුනිෆොම් ඇන්දේ නැත්තේ කියල  ඇහුවා. ඇයි පොලිස් කියලා වාහනේ ගහලා නැත්තේ ඇහුවා.  මගේ නම්බර් එකට කෝල් එකක් දුන්නේ නැත්තේ ඇයි ඇහුවා. ඒවට උත්තර නෑ.

“මම කියනවා ඔයා කියන එක පිළිගන්නේ නෑ. පොලිස්පති තුමා අපේ ගමේ කියලා. ඔහු කියනවා  නෑ නිවේදනය තියනවා කියලා. පොලිස්පතිතුමා මේ නිවේදනය නිකුත් කරලා තියනවා එයා හරහා විශේෂ විමර්ශන කණ්ඩායමකට. ඔවුන්ට විශේෂ විමර්ශනය භාර දීලා.”

“ඊට පස්සේ මේ හැසිරීම ගැන මම පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළා. ඊයේ පොලිස්පති කියනවා  මට තාවකාලිකවලු ආරක්ෂාව දීලා තියෙන්නේ. මම වෙඩි කන්න ඉන්න මිනිහා. මේ අභයදානය ද දීලා තියෙන්නේ. මේක කියලා ඉවර වෙනකොට පොලිස් ආරක්ෂාව නැති වෙන්නත් පුලුවන්. හැබැයි මම මේක කියනවා. ආරක්ෂාව ඉල්ලන් වැඳගෙන නම් යන්නේ නෑ. “

“මේ වගේ දේවල් කිසිම මිනිහෙකුට කරන්න එපා කියන  පණිවිඩය මෙයාලට දීලා යන්න ආවේ.”

“මම මගේ ඉලක්ක සපුරාගෙන ඉවරයි. මැරෙන්න කලින් මේක කියන්න ඕන ඇත්ත තත්ත්වය කියන්න මම ආවේ. “

“තව   කූට ව්‍යාපාරික කතාවකුත් පොලිස්පති තුමා කියලා තියනවා. මම 89  ව්‍යාපාර පටන් ගත්තේ පොලිස්පති තුමා. කළුතර දිස්ත්‍රික්කයේ හරි ලංකාවේ හරි ආදායම් බදු ගෙවන දහ පහලොස් දෙනා අතර මමත් ඉන්නවා.  . පාර්ලිමේන්තුවෙ වත්කම් බැරකම් දුන්නම එ්ක ඒ අය තේරුම් ගන්න ඇති.”

“1989 ඉඳන් ව්‍යාපාර කරලා ව්‍යාපාර ජාලයක් පවත්වාගෙන ගිහින් එහෙම ඇති කරපු මට කළු පැල්ලමක් දැම්මා. කරුණා කරලා කියන්නෙ. අපි ඒකට නීතිමය කටයුතු කරනවා. ඒ ගැන කිසිම කතාවක් නෑ. “

“නීතියට මම මේ වෙනවිටත් ගිහින් තියෙන්නේ. මාව අත් අඩංගුවට ගන්න ඕන එකට මගේ පුතාව අත් අඩංගුවට ගත්තා. ජීප් කේස් එකක් ගිහින් මගේ පුතා බන්ධනාගාරගත කළා. මීට කලින් වාහන හතරක් අත් අඩංගුවට ගත්තා. ඒ සම්බන්ධ රියදුරුවත්  අයිතිකාරයාවත් අත් අඩංගුවට ගත්තේ නෑ. මම ඒකට විරුද්ධව එෆ්ආර් එකක් දාලා තියනවා. “

“ඒකෙ පළවෙනි චූදිතයා පොලිස්පති. ඒකේ දිගුවක් ද මේ යන්නේ කියලා මට හිතෙනවා. ඒක ඉස්සරහට ගෙනියන්න දින නියම වෙලා තියෙන්නේ. මට වෙච්චි අසාධාරණය මම ඒකට ඉදිරිපත් කරනවා.”

“පොලිස්පති අපේ ගමේ මනුස්සයානේ… අපි සංතෝස වෙනවා රාළහාමි කෙනෙක් වශයෙන් සේවයට ගිහින් පොලිස්පතිවරයා වීම සම්බන්ධව අපි සංතෝස වෙනවා සහ සුබ පතනවා.”

“නමුත් තුමාට තියන හිතේ අමාරුව තමයි  කතා නායක තුමා හරහා නීත්‍යානුකූලව මට ආරක්ෂාව ගැනීම. ඒ  සම්බන්ධව එයාට ලජ්ජාවක් හරි මොනවා හරි පසුතැවීමක් තියනවා නම්…  මම ඒ කලේ වැරැද්දක් නම් ඕන වෙලාවක සමාව ගන්නවා.  නමුත් හරි ක්‍රමයට ගිය නිසා මම කාගෙන්වත් සමාව ගන්නේ නෑ.”

“කතානායක තුමා අනුමැතිය දීලා මම ඉස්සරහා පොලිස්පති තුමාට නියෝගය දුන්නේ ආරක්ෂාව දෙන්න කියලා. ඒක තාවකාලිකයි කියන තැනට ඊයේ වෙනවිට පොලිස්පති තුමා පත් වෙලා.”

“දැන් මම යනකොට පොලිස් ආරක්ෂාව අයින් කරන්න. අභීතව පපුව දෙනවා වෙඩි තියන්න. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වෙඩි කන්නෙ. වෙන මුකුත් කරලා එහෙම නෙමෙයි.

මේ ලිපියත් බලන්න…

 

 

ජගත් විතාන මන්ත්‍රීවරයාට මරණීය තර්ජන එන්නේ ජනතා දේශපාලනයක් කරන්න ගිහින් නෙමෙයි… පාතාලයින් එක්ක පැවැත්වූ සම්බන්ධතාවල ප්‍රතිඵල ලෙස… පොලිස්පති කියයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

දිනන රටකට ලස්සනම ආදර්ශය මැවූ රත්තරන් කෙල්ල…

Next Post

මතුගම ප්‍රාදේශීය සභාවේ බලය ගත්තු විදිහ වැරදියි තමයි… ඒක  අගලවත්ත – පාලින්ද නුවර සභා දෙක උදුර ගත්තු එකට ආණ්ඩුවට උත්තරයක්… ජගත් විතාන කියයි!

Related Posts

Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.