සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

IRC කාරයො මහජන නියෝජිතයො උනාම ආරක්ෂාව සපයන්න පොලිසියටත් අපහසුයි… නීති ගරුක පුරවැසියන් දේශපාලන නියෝජිතයන් ලෙස  තෝරන්න… මහජන ආරක්ෂක ඇමති දේශපාලන පක්ෂවලින් ඉල්ලයි!

by editor
ඔක්තෝබර් 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

අසේල කුරුළුවංශ –

පාතාලයින් අයි.ආර්.සී කාරයින් මහජන නියෝජිතයන් ලෙස පත්ව එන විට ඔවුන්ගේ ආරක්ෂාව සැපයීම පිළිබඳ සංකීර්ණ තත්ත්ව මතුවන බවත් නීති විරෝධී කටයුතුවල යෙදෙන අපරාධකරුවන් නොව නීතිගරුක වැදගත් පුරවැසියන් තම දේශපාලන පක්ෂවල නියෝජිතයන් ලෙස නම් කරන ලෙසත් පොදුවේ රටේ දේශපාලන නායකයින්ගෙන් ඉල්ලා සිටින බවත් මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පැවසුවේය.

කෙසේ වෙත්ත  රටේ කවර හෝ අයෙකුට ජීවිත තර්ජනයක් පවතින්නේ නම් දේශපාලන භේදයෙන් තොරව එම පුද්ගලයාගේ රැකවරණය වෙනුවෙන් අවශ්‍යය උපරිම මැදිහත්වීම කරන ලෙස පොලිස්පතිවරයා වෙත තමන් දැනුම් දී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල කීවේය.

ඇමතිවරයා පෙන්වා දුන්නේ අද පවතින තත්ත්වය අනුව   මරණීය තර්ජන දේශපාලකයින්ට පැමිණෙනවා නම් බොහෝ අවස්ථාවල එහි මුලය පාතාලය හා පවතින කුමණ හෝ සම්බන්ධකමක් සමග බැඳී ඇති බවය.

මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආනන්ද විජේපාල ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

“මරණ තර්ජනයක් හෝ අනාරක්ෂිත බවක් සම්බන්ධයෙන් තමන්ට තොරතුරක් ලැබුණොත් ඒ පිළිබඳව වහාම පොලීසිය දැනුවත් කළ යුතුයි. එවැනි සිදුවීමක් වාර්තා වුවහොත් වහාම අවශ්‍යය මැදිහත්වීම කරන්න කියලා අපි පොලීසියට දැනුම් දී තිබෙනවා. පසුගිය දිනක ප්‍රාදේශිය සභා සභාපතිවරයක් ඝාතනයට ලක් වුණා. අපි ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා. මොන තරාතිරමේ පුද්ගලයෙකුගේ වුවත් ජීවිතය ආරක්ෂා කර ගැනීම වැදගත්. “

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“තමන්ට තර්ජනය තිබෙන බව කියමින් සභාපතිවරයා ආරක්ෂාව ඉල්ලා තිබුණු බව පොලිස්පති මගින් දැන ගන්න ලැබුණා. එ් ‍වෙනුවෙන්  යම් යම් ක්‍රියාමාර්ග ගෙන තිබුණු බව  පොලිස්පති මට දැනුම් දුන්නා. මේ රටේ කවුරු හෝ තර්ජනයට ලක්වනවා නම්  දේශපාලන භේදයෙන් තොරව ඒ අයගේ රැකවරණය වෙනුවෙන් රජය මැදියත් වෙනවා. අපිට හැම ජීවිතයක්ම  වටිනවා. මිනිස් ජීවිතය එක් එක් අයුරින් තක්සේරු කරන්න හැකියාවක් නැහැ. ඒක දේශපාලනය අනුව තෝරන්න පුළුවන්කමක් නැහැ. ස්වාධීනව ඒ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න කියලා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා. දේශපාලන මැදිහත්වීමක් එහිදී කරන්නේ නැහැ.”

“මහජන නියෝජිතයෙකුට ආරක්ෂාව ලබාදීම සම්බන්ධව ගැටලුවක් නැහැ. මහජන නියෝජිතත්ත්වයට පත්වන සමහර අය විවිධ නීති විරෝධී ක්‍රියාවල නියුක්ත වෙනවා. ඒ වගේ අවස්ථාවල ඔවුන්ට ආරක්ෂාව ලබා දීමේදී යම් යම් ගැටලු පැන නගිනවා. ඒ හැර මහජන නියෝජිතයෙකු ලෙස කටයුතු කරන කිසිවෙකුට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් ඇවිල්ලා නැහැ. “

“නැගෙනහිර පළාතේ විපක්ෂය නියෝජනය කරන දේශපාලනඥයෙකුට ආරක්ෂාව සපයා තිබෙනවා. අවශ්‍යය සෑම අවස්ථාවකම තර්ජනය ගැන පොලීසිය සැලකිලිමත් වෙනවා. මහජන නියෝජිතයින් ලෙස කටයුතු කරන අතරතුර නීති විරොධී ක්‍රියාකාරම් වල යෙදෙන අයත්  සිටිනවා. ඒ අය ආරක්ෂාව ඉල්ලන අවස්ථාවේදී ඒක ඉටුකර දීම සම්බන්ධයෙන් පොලීසියට බාධා මතු වෙනවා. මොකද යම් අපරාධ ක්‍රියාකාරීත්වයක යෙදෙමින් පොලීසියේ රැකවරණය ඉල්ලීම පිළිබඳ ගැටලුවක් තිබෙනවා. නමුත් ජීවිත පිළිබඳ සැලකිලිමත් වී පොලීසිය ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. “

“පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි අපරාධකරුවන්, සංවිධානාත්මක අපරාධකරුවන් ඉන්නවා. ඇත්තටම ආරක්ෂාව සපයන්න තිබෙන්නේ ඔවුන්ට නෙවෙයි වින්දිතයින්ට හා සාක්කිකරුවන්ටයි. “

“නීති විරෝධි ක්‍රියාකාරකම් වල යෙදුණු පුද්ගලයෙකු මහජන නියෝජිතයෙකු බවට පත් වුණාම ඔහුට යම් ආරක්ෂාවක් සපයන්න පොලිස් දෙපාර්තමේන්තුවට ඉඩක් ලැබෙනවා. ඒ අනුව කටයුතු කරනවා. නීති විරෝධීව පාතාල ක්‍රියාකාරකම් හෝ සංවිධාන්තමක අපරාධ සම්බන්ධයෙන් ඉන්න පිරිස් වලට  පොලිස් දෙපාර්තමේනතුව පැත්තෙන් රැකවරණය සපයන්න බැහැ කියන එක තමයි මම කිව්වේ. ඔවුන් නීතියට යටත්වෙලා නීතියේ රැකවරණය ගන්න ඕන. සියලු පක්ෂ වලට යෝජනා කරන්නේ නීති ගරුක පුද්ගලයින් මහජන නියොජිතයින් ලෙස පත් කරන්න ගන්න කියලයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටම හොයද්දී  ට්‍රිබල් දාගෙන එකම යතුරු පැදියේ ඝාතකයාත්, ඝාතකයාගේ බිරියත්, පැදිකරුත් ඌව පලාතේ සිට කැකිරාවට ඇවිත්… පොලිසියෙන් තවත් විමර්ශනයක්…

Next Post

දිනන රටකට ලස්සනම ආදර්ශය මැවූ රත්තරන් කෙල්ල…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.