වසර 15කට පෙර කතරගමදී සිය බිරියගේ බාලවයස්කාර නැගණිය දූෂණය කර ගැබිණියක් කල 56 හැවිරිදි පුද්ගලයෙකුට වසර 36ක් බරපතළ වැඩ සහිත සිර දඩුවමක්, රුපියල් 15000/=දඩයක් හා අගතියට පත් දැරියට රුපියල් ලක්ෂ 06ක වන්දි මුදලක් ගෙවන ලෙස හම්බන්තොට මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ලියනගේ මහතා අද (16) නියෝග කළේය.
මෙලෙස සිර දඩුවම්,දඩ හා වන්දි නියම වුයේ කතරගම පදිංචි දෙදෙරු පියෙකු වු හේරත් මුදියන්සේලාගේ වීරසේකර නැමති 56 හැවිරිදි පුද්ගලයෙකුටය.
චුදිත පුද්ගලයා 2008.02 01 දින සිට අවස්ථා කිහිපයකදීම කතරගම පිහිටි චුදිතගේ නිවසේ නතරවී සිටි බිරිදගේ බාලවයස්කාර නැගණියව රාත්‍රි නිදාගෙන සිටියදි අවදි කර දූෂණයට ලක් කර තිබේ.
එදින රාත්‍රියේම අදාල සිදුවීම සම්බන්ධයෙන් බාලවයස්කාරිය වේදනාවෙන් කෑ ගසා නිවසේ නිදා සිටි අක්කාට කතා කර ඇතත් ඇය අවදි වී නොමැති බව සිදුකල මුලික පොලිස් පිරීක්ෂණ වලදි අනාවරණය වි තිබේ.
පසුවදා උදෑසන බාලවයස්කාරිය තමාට මස්සිනා අතින් සිදු වු කරදරය පිළිබදව අක්කාට පවසා ඇති අතර එහිදී අක්කා පවසා ඇත්තේ මෙම සිදුවීම කිසිවෙකුටත් නොකියන ලෙසත් අයියා ඉල්ලන දෙයක් දි පාඩුවේ අයියා ශේප් එකේ තියා ගන්නා ලෙසත්ය.
ඉන් බාලවයස්කාර දැරිය දැඩි ලෙස අසරණ තත්වයට පත්ව ඇති අතර චුදිත පුද්ගලයාද ඉන් උපරිම ප්‍රයෝජන ගෙන තිබේ. මෙම සිදුවිම සිදුවන අවස්ථාව වන විට දැරියගේ මව හා පියා කොළඹ ප්‍රදේශයේ කුළී රැකියා සිදුකිරීම හේතුවෙන් දැරිය ආරක්ෂා සදහා මෙම චුදිතගේ නිවසේ නවතා තිබේ. එම නිවස අගතියට පත් දැරියගේ බාල අක්කාගේ නිවසය.
සිය අක්කාගේ සැමියාගෙන් සිදුවන මෙම කරදරය ඉවසා ගැනිමට නොහැකි වු තැන බාලවයස්කාරිය සිද්ධිය පිළිබදව කොළඹ සිටින අම්මාට දුරකතනයෙන් පවසා ඇති අතර ඇය නිවසට පැමිණියද ඇයද මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරිමට බිය වි තිබේ.
පසුව මාස කිහිපයකට පසු දැරිය ගැබි ගෙන ඇති බව අනාවරණය වී ඇත. ඒ අනුව මෙම දැරියගේ වැඩිමහළු සහෝදරයා හා මව විසින් සිද්ධිය පිළිබඳව කතරගම පොලිසියට පැමිණීල්ලක් කර තිබේ. ඒ අනුව කතරගම පොලිසිය විසින් සිදුකල විමර්ශන වලින් අනතුරුව සැකකරු අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පැවති මුලික නඩු නඩු විභාගයෙන් අනතුරුව නීතිපති වරයා විසින් චුදිතට එරෙහිව අධිචෝදනා 03ක් යටතේ හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරණ ලදි.
එහිදී පැවති නඩු විභාගය අතර තුරදී චුදිත වරද පිළිගැනීම හේතුවෙන් චුදිතට පහත පරිදි දඩුවම් නියම කෙරුණි.
ඒ අනුව චුදිතට එක් චෝදනාවකට වසර 12 බැගින් චෝදනා තුන සදහා වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි. එමෙන්ම එක් චෝදනාවකට රුපියල් 5000/= බැගින් චෝදනා තුන සදහා රුපියල් 15000/=ක දඩයක්ද නියම කෙරුණු අතර එය නොගෙවන්නේ නම් මාස 06 බැගින් මාස 18ක බර වැඩ සහිත සිර දඩුවමක් නියම කෙරුණි.
ඊට අමතරව අගතියට පත් බාලවයස්කාරියට රුපියල් ලක්ෂ 06ක වන්දි මුදලක් ගෙවන ලෙසටද මහාධිකරණ විනිසුරු වරයා චුදිතට නියෝග කල අතර චුදිත එය නොගෙවන්නේ නම් තවත් අමතර වසර 02ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කෙරුණි.
එමෙන්ම චුදිතට ලබා දුන් සිර දඩුවම වෙන් වෙන්ව ගෙවී යා යුතු බවටද නියෝග කෙරුණි.







